Breaking News: නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ වසර 17 ට පසු මලල ක්‍රීඩාවේ පළමු පදක්කම නදීශාගෙන්

Date:

මෙවර ආසියානු ක්‍රිඩා උළෙලේ ශ්‍රී ලංකාව මලල ක්‍රිඩාවෙන් ලැබූ ප්‍රථම පදක්කම හිමි කර ගැනීමට හෙල්ල වීසි කිරීමේ සූරිය වන නදීශා දිල්හානි ලෙක්ම්ගේ සමත් වූවාය.ඇය විසින් එම පදක්කම සඳහා හෙල්ල වීසි කරන ලද දුර මීටර් 61.57 ක් වූ අතර ඒ අනුව ඇය එම ඉසව්වේ තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාව වන මීටර් 60.93 මැකී ගොස් නව වාර්තාව බවට මීටර් 61.57 පත් වන්නේය.

පළමු වීසිකිරීමේ උත්සාහයන් නිමා වන විට ඇය දෙවන තැන සිටි අතර දෙවන සහ තෙවන උත්සාහයන් හමාර වෙද්දී ඇය මදක් පසු බෑවාය.නමුත් සිය සිව්වන උත්සාහයේදී මීටර් 61.57 ක් දුරක් වීසි කරමින් යළිත් දෙවැන්නිය බවට පත් වන්නට නදීහාට හැකි වූවාය.සිව් දෙනෙකුම මිටර් 61 සීමාව ඉක්මවා යමින් දස්කම් දැක් වූ අතර පළමු සථානය දිනූ ඉන්දීය ක්‍රිඩිකාව ඇයගේ කාලීන හොඳම දක්ෂතාවය දක්වමින් මීටර් 62.92 දස්කමක් දකවා රන් පදක්කම දිනා ගත්තාය.නදීහා ආසියානු ක්‍රීඩා උළෙලක අවුරුදු 17 ට පසුව දිනා ගත් මේ රිදි පදක්කම එම කාලය තුළ ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් ලැබූ පළමු පදක්කම ලෙස ඉතිහාසයට එකතු වන්නේය.

නදීශා සිය ඉසව්වේදී උත්සාහයන් තුනකදීම මීටර් 60 සීමාව ඉක්මවා යමින් ඉහළ දස්කම් දැක්වීය. .රගයේ තෙවන තැන චීනයේ ලියූ හුයිහුයි දිනා ගත්තේ මීටර් 61.29 ක දක්ෂතාවයක් සමඟින්ය.සිව්වන තැන දිනූ ජපානයේ මරීනා සයිටෝ මීටර් 61.10 ක දක්ෂතාවයක් දැක්වීය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...

අංක එකේ ධම්මික පෙරේරාට සුබ උපන් දිනයක් !

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා...

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන් නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2022 මැතිවරණ...

මර්වින් සිල්වා, ලොහාන් රත්වත්තේ විතරක් නෙවෙයි තිස්ස කුට්ටිආරච්චි වගේ අයත් මේ ආණ්ඩුවෙන් බලාගන්න පුළුවන් – මරික්කාර්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නීතිගරුකව,යුක්තිගරුකව රට පාලනය කරන බව පැවසුවද මර්වින්...