*
Friday, October 4, 2024
spot_img

Latest Posts

ජෝන් ටාබට් විශිෂ්ඨයෝ දෙපළම එකම පුහුණුකරුගෙන්

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 04, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ පාසල් අතර පැවත්වෙන පැරණිතම මලල ක්‍රීඩා සූරතාවලිය වන ජෝන් ටාබට් මලල ක්‍රීඩා සූරතාවලිය මෙවර පැවත්වුණේ 92 වරටයි.එහි දක්ෂතම ක්‍රීඩිකාව සහ ක්‍රීඩකයා එකම පාසලෙන් බිහි වූ අතර දෙදෙනාගේම පුහුණුකාරියද එකම අයෙක් වීම සුවිශේෂයි.පාසල වත්තල ලයිසියම් විද්‍යාලය වන අතර පුහුණුකාරිය දමිතා චාමලි දහනායකයි.

ඇය කාලයක් මලල ක්‍රීඩා පිටියේ සිටි දුර පනින්නියක්.තුන් පිම්ම පනින්නියක්.ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ඇය ජාතික සූරිය නොවුණ ද,නිරන්තරයෙන් සිය නියෝජනය හොඳ ස්ථානයක රඳවන්නට වෙහෙසෙන්නියක් වුණා.දස ප්‍රයාම ඉසව්වද නියෝජනය කළ ඇය වැඩ දහසක් ඔවවේ තබාගෙන ඒ අතර දුව පනිමින් ගුවන් හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැනත් උනන්දු වුණා.ඔවුන්ගෙ හිත් හැදුවා.දිනන්න පුළුවන් කියන හැඟීම පෝෂණය කළා.

ඉතිං ගුවන් හමුදාවෙන් ඉවත් වෙලා පුහුණුකාරියක ලෙස දහනායකව යළිත් පිටියේ දකින විට දිනන ගෝලයො රොත්තකගෙ මඟ පෙන්වන්නියක්.ඒ අතරින් මෙවර ජෝන් ටාබට් උළෙලෙ දක්ෂතම ක්‍රීඩකයා වුණ සඳුන් කෝසල ට දකුණු ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලෙ මිටර් 110 රන් පදක්කම සඳහා මඟ පෙන්වා තිබුණා.තත්පර 14.10 න් ඉසව්ව නිම කරමින් සඳුන් දක්ෂතම ක්‍රීඩකයා වෙද්දි,මෑත කාලීනව හමු වූ ශ්‍රී ලංකාවේ දීර්ඝතම බලාපොරොත්තුව වන,බලධාරීන් නෙත් සේ ම සුරැකිය යුතු මලල ක්‍රීඩිකාව වන දිල්නි නෙත්සලා රාජපක්ෂ දක්ෂතම ක්‍රිඩිකාව වුණා.ඇයට දකුණු ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන්නට තරම්වත් වයස ප්‍රමාණවත් වුණේ නැහැ.තවමත් 16 න් පහළ සිටින මේ පුංචි හපනිය ඇයගේ ජීවිතයේ දුර පිම්ම දෙවන වරටත් මීටර් 6 ට එහා පැත්තේ තබමින් ජෝන් ටාබට් උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව වීමේ අවස්ථාව ළගා කර ගත්තා.

රිට්ස්බරි අනාගත මලල ක්‍රීඩාව රස ගන්නවන්න කාලයක් තිස්සෙ ඉපැරණි ජෝන් ටාබට් තරගාවලියෙ වගකීම දරනවා.ඒත් මේවා ක්‍රීඩාමය ඇහැකින් බලන මාධ්‍යයක් එක්ක සම්බන්ධ වෙනවද කියන එක ප්‍රමාණවත්ද කියන එක ළඟ ගැටළුවක් තියෙනවා.ඒ සංවාදය ඇතුළෙ වැඩ වැඩි වෙන්න පුළුවන් තමයි,ඒත් මලල ක්‍රීඩාව තවත් රස වෙන්න පුළුවන්.රිට්ස්බරි අනාගත දක්ෂයො හදන වැඩේට දෙන තල්ලුවට වැඩි තල්ලුවකින් අවුරුදු 10 ට සැළසුම් කරලා නෙත්සලා වැනි ක්‍රීඩිකාවක් නෙත් දෙක වගෙ බලා ගත්තොත් ඒ මන්චි නිෂ්පාදන එක්ක රට යවන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙයි.සමහර විට ඇයට 2028 වන විට අවුරුදු 18 ක්.ඇමෙරිකානු ඔලිම්පික් උළෙල නියෝජනය වුණත් ඉදිරි වසර තුන තුළ ඇයගෙ පිමිවලට හසුවෙන්න ඉඩ තියෙනවා.

ඉගෙනගන්න පාසල ජාත්‍යන්තර වීම නිසාම ඇයගෙ ක්‍රීඩාව සහ අධ්‍යාපනය වඩාත් සරු බිමක මුල සිටම හිඳුවන්නට හැකියාවක් තියෙන අනුග්‍රහය ලැබුණොත්,දහනායකත් සමඟම ඇයට ඒ අවස්ථාව දීම වැදගත් වෙයි.ලෝකය ගෝලීය සංස්කෘතිය ඇතුළෙ සමානකම් බොහොම පෙන්නුවත් දහනායක වගෙ අම්මා කෙනෙක් අපට අනන්‍ය වූ සංස්කෘතිය ඇතුළෙ මුල් එක්ක ඇයට බද්ධ වී තිබීම වැදගත් වෙයි.මේවා ආයෝජන හැටියට දකින ව්‍යාපාරික වූ ක්‍රීඩා රටාවක් ලංකාවෙ නැත්තෙ ක්‍රීඩාව සංස්කෘතියක් නොවීම නිසයි.මානව ශරීරයේ සහ මනසෙ අපූරු සහ සම්බන්ධයකින් යුත් ජවය සහ ශක්තිය පිරුණු ක්‍රීඩාව ලෝකයේ ප්‍රධාන රටවලට කීර්තිය උපයන,ව්‍යාපාරික හැඩයක් සහිත සංස්කෘතික මෙවලමක් හැටියට ජීවිතයට සම්බන්ධ වුණත්,ලංකාවෙ තත්ත්වය ඇත්තටම තේරුම් ගන්න මෙවර පොත් ප්‍රදර්ශන භූමියම සමත්.

රටක ජන කොට්ඨාශයක් තමන්ගෙ අනන්‍යකාවයන් සඳහා සාධාරණ පිළිගැනීමක් නොලැබෙන බව කියන දේශපාලන කාරණයක් මත ගැටී මිය ගිය විට,ඒ වෙඩි තැබූ ආයුධ පෙන්වා ඒවා උත්කර්ශයට නංවන සාහිත්‍ය භූමියක් ජාතියම එක් රොක්වන තැනක් වීමෙන්ම අපේ සංස්කෘතික හැදියාව ක්‍රීඩාව දක්වා දුර නොගොස් හඳුනා ගන්නට හැකියි.ඒවා දේශපාලනමය වශයෙන් චින්තනය සකස් කිරීමේ වගකීම සහිත රජයක් හෝ මැදිහත්ව වළක්වන්නේ නැත්නම් ඒ යථාර්තයට ළඟා වීමට අප කෙතරම් දුරකින් වේ ද යන්නත් සිතා ගන්නට හැකියි.

එවැනි පසුබිමක ලොවක වටිනා නෙත්සලා ලා මෙන්ම,සඳුන්ලා මෙන්ම,තරුශි අභිශේකලාත්,අයෝමාල් අකලංකලාත්,සදෙව් රාජකරුණලාත් දුරට පේන මනුස්සයෙක්ට දැකිය හැකි විදිහට දක්වන හපන්කම් අර ඔළුවල තියෙන වෙඩි උණ්ඩවල වැදිලා බිඳිලා යනවා.රිට්ස්බරි තමන්ගේ ජෝන් ටාබට් ඉතිහාසය ගැඹුරට කිමිද කෘතියක් ක්රීමේ අනාගත පරම්පරාවට කියවමින් එහි රස චොකලට්වලින් එහාට විහිද ගිය සංස්කෘතියකට නෑකම් කියන බව පෙන්වන්න උත්සාහ කරනවා වෙනුවට තත්ත්පර ගණනක දර්ශනයකටත්,බත් ඔතන පත්තර කොළයකටත් සිමා කරනවා.

අපි පැකේජ් එකක් විදිහට ඉස්සරහට ක්‍රීඩාවෙන් ඉස්සරහට තල්ලු වෙන්න අවශ්‍යය මොහොතක ඉන්නෙ.ඉහත කියපු හැම නමක්ම ඒ ඉස්සරහට තල්ලු වෙන සංස්කෘතියෙ මෙවලම් ඇණ මුරිච්චි විදිහට මලල ක්‍රීඩාවෙ ඉතිහාස කතාව නැවුම් වෘතාන්තයකට අමුණන්න සමත් ක්‍රීඩක ක්‍රීඩිකාවො.ඒත් එක වෙන කතාවක්.

මෙවර ජොන් ටාබට් කුසලාන තරගාවලියෙ සුවිශේෂ දක්ෂතා නිසා ඇගයීම් ලැබූ හැම කෙනෙක්ම අනාගතයට වටිනවා.ඒ නාම ලේඛණයයි පහතින් තියෙන්නෙ.

U 16 Girls 2 nd Runner – Up School A Rathnayaka Central College – Walala ,Point – 30

U 16 Girls 1St Runner – Up School Holy Cross College – Gampaha ,Point – 47

U 16 Girls Championship School Lyceum Int College – Waththala ,Point – 48

U 16 Boys 2nd Runner – Up School St Benedict’ College – Colombo ,Point – 25

U 16 Boys 1St Runner – Up School St Joseph’s Vaz College – Negombo ,Point – 33

U 16 Boys Championship School Marris Stella College – Thimbirigaskatuwa ,Point – 46

U 18 Girls 2nd Runner – Up School A Rathnayake Central College – Walala ,Point – 44

U 18 Girls 1St Runner – Up School Ambagamuwa Central College ,Point – 48

U 18 Girls Championship School Lyceum Int College – Waththala ,Point – 66.5

U 18 Boys 2nd Runner – Up School St Benedict’s College – Colombo ,Point – 33

U 18 Boys 1St Runner – Up School Trinity College – Kandy ,Point – 34

U 18 Boys Championship School St Joseph’s Vaz college – ,Point – 67

Track Event 2nd Runner Up – Girls School Gateway Int. College – Colombo ,Point – 62

Track Event 1st Runner Up – Girls School A Rathnayaka College – Walala ,Point – 135

Track Event Championship – Girls School Lyceum Int College – Waththala ,Point – 149

Track Event 2nd Runner Up – Boys School Marris Stella College – Negombo ,Point – 47

Track Event 1st Runner Up – Boys School St Benedict’s College – Colombo ,Point – 53

Track Event Championship – Boys School St Joseph’s Vaz College – Wennappuwa ,Point – 71

Relay Championship 2nd Runner Up – Girls School Holy Cross College – Gampaha ,Point – 16

Relay Championship 1St Runner Up – Girls School A Rathnayaka Central College – Walala ,Point – 30

Relay Championship-Girls School Lyceum Int College – Waththala ,Point – 39

Relay Championship 2nd Runner Up – Boys School Marris Stella College – Negombo ,Point – 16

Relay Championship 1St Runner Up – Boys School St Benedict’s College – Colombo , ,Point – 32

Relay Championship-Boys School St Joseph’s Vaz Negombo ,Point – 37

Best Long Jumper School – Lyceum Int College – Waththala Name – P R A D N Rajapaksha (Under 16) Performance – 6.12m *NMR ,Point 1025

Best High Jumper School –Ananda College – Colombo Name – G Lesandu Arthavidu (Under 20) Performance – 2.13m ,Point 1028

Best 400 M Runner School –St Sebastian College – Kadana Name – J O Sachintha Silva (Under 18) Performance – 47.10 Sec (Equal SL Youth Record) ,Point – 1038

Best Athlete – Girl – of the year 2024 School – Lyceum Int College – Waththala Name – P R A D N Rajapaksha (Under 16) Performance – Long Jump , 6.12m *NMR ,Point 1025

Best Athlete – Boy- of the year 2024 School – Lyceum Int College – Waththala Name – Sandun Koshala (Under 20) Performance – 110 M Hur, 14.10 Sec ,Point – 1048

Out Station Overall 2nd Runner Up – Girls School Holly Cross College – Gampaha ,Point – 58

Out Station Overall 1St Runner Up – Girls School Ave Maria Convent – Negombo ,Point – 77

Out Station Overall Championship – Girls School A Rathnayaka Central College – Walala ,Point – 157

Out Station Overall 2nd Runner Up – Boys School –Marris Stella College – Thibirigaskatuwa ,Point – 52

Out Station Overall 1St Runner Up – Boys School Lyceum Int College – Waththala ,Point – 70

Out Station Overall Championship – Boys School –Marris Stella College – Negombo ,Point – 74

Over all 4th Runner Up – Girls School Holly Cross College – Gampaha , Point – 58

Over all 3rd Runner Up – Girls School Gateway Int College – Colombo, Point – 68

Over all 2nd Runner Up – Girls School – Ave Maria Convent – Negombo , Point – 77

Over all 1st Runner Up – Girls School A Rathnayaka Central College – Walala , Point – 157

Over all Championship – Girls School Lyceum Int College – Waththala , Point – 189

Over all 4th Runner Up – Boys School Marris Stella College – Thibirigaskatuwa ,Point – 52

Over all 3rd Runner Up – Boys School Lyceum Int College – Waththala , Point – 70

Over all 2nd Runner Up – Boys School Marris Stella College – Negombo , Point – 74

Over all 1st Runner Up – Boys School – St Benedict’s College – Colombo , Point – 77

Over all Championship – Boys School St Joseph’s Vaz College – Wennappuwa , Point – 117

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan