මහ මැතිවරණයට මහනුවර සූදානම්!

Date:

කොළඹ LNW:නාම යෝජනා භාර ගැනීම ඇතුලු මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් යොදවා ඇතැයි මහනුවර තේරීම්භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවසුවේය.

මධ්‍යම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අද (04) සිට එම නිලධාරීන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය වෙත අනුයුක්ත කළ බවයි තේරීම්භාර නිලධාරීවරයා තව දුරටත් සඳහන් කළේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය ආරක්ෂාව මේ වන විට යොදවා ඇති අතර මැතිවරණ සමයේදී පොල්ගොල්ල ආශ්‍රිතව සිදුවන රාජකාරී කටයුතු සම්බන්ධීකරණය ආරම්භ කර ඇති බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් එකළොස්ලක්ෂ අනූඑක්දහස් තුන්සිය අනූනමයක් ( 1, 191, 399) මෙවර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඡන්ද මධ්‍යස්ථාන 890ක් මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය මෙවර මහ මැතිවරණයේදි ඉහළ යන බව කී තෙන්නකෝන් මහතා එහි මූලික සම්බන්ධීකරණ කටයුතු මේ වන විටත් දියත් කොට ඇති බව සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව දැනුවත් කිරීම පිළිබඳ අද (04) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...