ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනයට චීනයෙන් යෝජනා හතරක්!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ හයවැනි කමිටුව ඊයේ (03) සමුළුවක් පවත්වනු ලැබීය.

ආරක්ෂක මණ්ඩලයේ හා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ ත්‍රස්ත විරෝධි තීරණ හා එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්තවිරෝධී උපායමාර්ගය සමස්තයක් ලෙස ක්‍රියාවට නැංවිය යුතු බව එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය ස්ථාවර නියෝජිත Geng Shuang මහතා එම සමුළුවේදී කියාසිටියේය.

ආරක්ෂක මණ්ඩලය විසින් ලැයිස්තුගත කරන ලද ත්‍රස්තවාදී සංවිධාන හා පුද්ගලයන් ඒකාබද්ධව මැඩ පැවැත්වීමේදී ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධි සහයෝගිතාවන්හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකරණ දායකත්වය ශක්තිමත් කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනය කිරීම වෙනුවෙන් චීනය යෝජනා 4ක් ද එහිදී ඉදිරිපත් කර තිබේ. බහුපාර්ශ්වික සහයෝගීතාව, ජාත්‍යන්තර නීතිමය පාලනය, විස්තීරණ පියවර ක්‍රියාත්මක කිරීම, සත්‍යාපනය හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම ඊට ඇතුළත්ය.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...