ලක්ෂ 223 කොල්ලය වැළැක්වූ පොලිස් සැරයන්ට උසස්වීමක් සහ මුදල් ත්‍යාගයක්

Date:

තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් අසල සිදුවීමට ගිය කොල්ලකෑම වැලැක්වීමට කටයුතු කල පොලිස් සැරයන් 42313 බුද්ධික කුමාර නිලධාරියා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබේ.

2022.09.26 දින දහවල් කාලයේ තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් වෙත මුදල් තැන්පත් කිරීමට පැමිණි ව්‍යාපාරිකයකුගේ අත තිබූ රුපියල් ලක්ෂ 223ක මුදලක් ආයුධ සන්නද්ධව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම බැංකුව ඉදිරිපිටදී මංකොල්ලකා පලා යෑමට තැත්කල අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් 42313 බුද්ධික කුමාර නිලධාරියා විසින් එම මංකොල්ලය වැළැක්වීමට නිර්භීතව ක්‍රියා කරමින් රුපියල් ලක්ෂ 223ක මුදල, සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට එම අවස්ථාවේදී කටයුතු කරන ලදී.

ශ්‍රි ලංකා පොලිසියේ කීර්ති නාමය ඉහළ නැංවීමට ක්‍රියා කළ පොලිස් සැරයන් බුද්ධික කුමාර නිලධාරියා ඇගයීම වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිතුමා විසින් මෙම නිලධාරියා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීම සම්බන්ධ ලිපිය හා පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් හා පොලිස් වීරතා පදක්කම පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ සහභාගීත්වයෙන් 2022.10.03 වන දින මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙම උත්සවය සඳහා උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා හා උසස්වීම් ලැබූ නිලධාරියාගේ මව, බිරිඳ දූ දරුවන්ද, තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරී හා තඹුත්තේගම මූලස්ථාන පොලිස් පරික්ෂක සහභාගි විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...