හඳුන්නෙත්ති, ලාල්කාන්ත අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ?

Date:

ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති මහතා සහ කේ.ඩී. ලාල්කාන්ත මහතා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වා තිබෙනවා.

පසුගිය අරගල සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරයෙ අරගලකරුවන් අතට පත්වීමෙන් පසුව, හඳුන්නෙත්ති මහතා සහ ලාල්කාන්ත මහතා, පාර්ලිමේන්තුව වැටලීම සඳහා ජනතාව මෙහෙයවූ බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ පාර්ලිමේන්තුව වටලා සියලු කටයුතු අකර්මන්‍ය කිරීමේ කුමන්ත්‍රණයක ඔවුන් දෙදෙනා නිරත වූ බවයි.

මේ සම්බන්ධයෙන් තවමත් නිසි විමර්ශනයක් සිදුව නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභානායක ප්‍රසන්න රණතුංග මහතා වෙත දැනුම් දී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කරන ලෙසයි.

සමාජ ජාලා මාධ්‍ය හරහා ජනතාව කුපිත කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...