*
Friday, April 19, 2024
spot_img

Latest Posts

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

ජුනි මාසයේදී පාකිස්තානයට වාර්තාගත වර්ෂාපතනයක් ලැබීමෙන් පසු ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් ළමුන් 600 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව 1,700 කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වූ අතර මිලියන 33 ක ජනතාවක් අවතැන් විය. ගංවතුර උච්චතම අවස්ථාව වන විට රටෙන් තුනෙන් එකක් ජලයෙන් යට විය.

එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකාරක ජූලියන් හාර්නෙයිස් මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ බලපෑමට ලක් වූ ප්‍රදේශ හරහා සෞඛ්‍ය, පෝෂණය, ජලය සහ සනීපාරක්ෂක සේවා සැපයීම වැඩි කිරීමට රජයට සහාය වීමට අපි වේගයෙන් ක්‍රියා නොකරන්නේ නම්, ළමා රෝගාබාධවල වැඩි වීමක් සිදුවනු ඇති අතර එය භයානක වනු ඇති බවයි. එමෙන්ම මානුෂික ආධාර වශයෙන් අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 160 ට සාපේක්ෂව ගංවතුර සහන කටයුතු සඳහා ඩොලර් මිලියන 816 ක අවශ්‍යතාවයද ඔහු මෙහිදී අවධාරණය කරන ලදි.

මෑත කාලීන ව්‍යසනකාරී ගංවතුරෙන් පසු මිලියන පහකට අධික ජනතාවක් උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානයට එක්සත් ජාතීන්ගේ ආධාර ඉල්ලීම වැඩි කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) නව වාර්තාවනට අනුව ජලයෙන් බෝවන සහ වාහක මගින් බෝවන රෝග සින්ද් සහ බලුකිස්තාන් පළාත්වලවිශාල වශයෙන් ව්‍යාප්ත විය හැකි බව අවධාරණය කෙරේ.

ගර්භනී කාන්තාවන් 130,000 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළුව ප්‍රජනක වයසේ සිටින කාන්තාවන් මිලියන 1.6 කට ආසන්න පිරිසකට හදිසි සෞඛ්‍ය සේවා අවශ්‍ය බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සැප්තැම්බර් මාසයේ පකිස්ථානයේ කළ සංචාරයකදී කියා සිටියේ මෙතරම් පරිමාණයෙන් කිසි දිනෙක දේශගුණික සංහාරයක් තමන් දැක නොමැති බවයි. වත්මන් කාබන් විමෝචනයෙන් සියයට 80 කට වගකිව යුත්තේ 20 (G20) සංවර්ධිත රටවල් වන බැවින්, ගුටරෙස් අර්බුදය සම්බන්ධයෙන් ධනවත් රටවලට ද දොස් පැවරීය.

සශිකලා මධුෂාණී_OBT

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan