ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර සබඳතා ශක්තිමත් කරන බවට අයිස්ලන්ත ජනපතිගෙන් සහතිකයක්!

Date:

ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන බවට අයිස්ලන්ත ජනපතිගෙන් සහතිකයක්.

ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බව අයිස්ලන්ත ජනාධිපති ගුඕනි යොහැන්සන් (Guoni Th. Johannesson) මහතා සඳහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් අයිස්ලන්ත ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

සමාජ සංහිඳියාව රැක ගනිමින් ආර්ථික අභියෝගවලට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ජොහැනසන් මහතා සඳහන් කර ඇත.

අයිස්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව හොඳ සබඳතාවක් භුක්ති විඳින බවත්, දෙරට අතර හුවමාරු වැඩසටහන් ඉහළ නැංවිම තුළින් දෙරටටම සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්විඳිය හැකි බවත් අයිස්ලන්ත ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව අත්විඳින ලද ඉහළ උද්ධමනය පිළිබඳ අදහස් දක්වමින් , උද්ධමනය අයිස්ලන්තය ද ඉතා හොඳින් හඳුනාගෙන ඇති පොදු ගැටලුවක් බව සඳහන් කර ඇති අයිස්ලන්ත ජනාධිපතිවරයා මෑත කාලීන වසංගත සහ පාරිසරික තර්ජන වැනි ගැටළු වලදී සියලුදෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.

PMD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...