*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ජාත්‍යන්තර ගිවිසුමකට යනවාද, නැතිනම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද කියා සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතුයි

ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද, නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද කියා සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙක් වන ‘දිවයින ‘ පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පිදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (03) පැවැති උත්සවයට එක්වෙමිනි.

මෙරට පුවත් පත් කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

මේ වන විට සිය දිවි ගමනේ 93 වැනි වියේ පසුවන රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත ‘ එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය ‘ කෘතිය එළිදැක්වීම ද මේ හා සමගාමීව සිදු කෙරිණි.

මෙම කෘතිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. කේ. විජේබණ්ඩාර, නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ දීප්ති අධිකාරි යන මහත්ම මහත්මීන් විසින් සංස්කරණය කර ඇත.

මෙරට පුවත්පත් කලාවේ පරිවර්තනීය වෙනසක් සිදු කළ නියමුවෙකු ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ මහතා හැඳින්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

දශක හතක මාධ්‍ය මෙහෙවරක නිරත වූ එඩ්මන් රණසිංහ මහතාගේ මාධ්‍ය කලාව ශ්‍රී ලාංකේය සමාජ, ආර්ථික සහ දේශපාලනය උන්නතිය සඳහා ඉවහල් වූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

මාධ්‍ය කලාව ඉදිරියට ගෙන ඒමට කෘතිම බුද්ධිය දායක කර ගත හැකි අන්දම පිළිබඳ සොයා බැලීමෙන් ඵලදායි මාධ්‍ය කලාවක් නිර්මාණය කරගත හැකි බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“1977 මා මුලින්ම බියගම ආසනයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වන අවස්ථාවේදී, ඒ සඳහා අවශ්‍ය ලිපියක් සකස් කර ගැනීමට හොඳ මාධ්‍යවේදියෙක් පිළිබඳ විමසූ විට මගේ පියා එක්වරම කියා සිටියේ එඩ්මන් රණසිංහයන් පිළිබඳවයි. ඒ අනුව එතුමන් විසින් මගේ දේශපාලනයේ පළමු ලිපිය ලියා තැබුවා. එය පසුගිය වසර වන තෙක්ම මා සතුව තිබුණා. නමුත් එය දැන් මා ළඟ නැහැ.

මගේ පියා ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ එඩ්මන් රණසිංහ මහතා සිළුමිණ, දිනමිණ වැනි පුවත්පත්වල කර්තෘවරයා ලෙස විශාල සේවාවක් ඉටු කළා.

එතුමාගේ පුවත්පත් කලාවට පියසේන නිශ්ශංක, එම්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ වැනි ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදීන්ගේ හා ලේඛකයන්ගෙන් පන්නරය ලැබුණා. එම නිසා නිදහසට පෙර තිබුණු මාධ්‍ය කලාව මෙන්ම ඉන් පසුව බිහිවුණු මාධ්‍ය කලාවෙහිද මනා පරිචයක් රණසිංහ මහතා සතුව තිබෙනවා.

1953 වසරේ සහල් මිල වැඩි වූ විට ඩඩ්ලි සේනානායක මහතාට අගමැති ධූරයෙන් ඉවත්වීමට සිදු වුණා. ඊට වසර හැට නවයකට පසු තෙල් නැතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට ධූරය අතහැර යාමට සිදු වුණා. මෙම වසර 69 තුළ රණසිංහ මහතාට විශාල අත්දැකීමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නැවත පොතක් ලිවීමට වුවත් එතුමාට හැකියාව තිබෙනවා.

1964 පුවත්පත් අරගලය රණසිංහ මහතා විසින් ප්‍රායෝගිකව සිදු කළා. එතුමාගේ පළපුරුද්ද මෙරට මාධ්‍ය සංස්කෘතියට යම් බලපෑමක් සිදු කිරීමට සමත් වූ බව කිව යුතුයි. නමුත් මුද්‍රිත මාධ්‍ය කලාව මේ වන විට යම් බලපෑමකට ලක් වෙමින් තිබෙනවා.

එදා ඊයම් අකුරු අමුණා සිදුකළ පත්තර කලාව අද වන විට i pad එක දක්වා දියුණු වී තිබෙනවා. ලේක්හවුස් ආයතනය වැනි මහා මන්දිරයක තිබෙන දැනුම google මාධ්‍ය තුළ ඉක්මනින් සොයා ගැනීමේ හැකියාව මේ වන විට නිර්මාණය වී අවසන්. එම නිසා පත්තර කලාව සමාජගත කිරීමට තාක්ෂණය හොඳ මෙවලමක් බවට පත්ව තිබෙනවා.

නමුත් ඕනෑම රටක පවතින මාධ්‍ය රටේ නීතියට යටත්ව ක්‍රියාත්මක වුණා. නමුත් සමාජ මාධ්‍ය බිහි වීමත් සමඟ තමන්ගේ හිතුමතය අනුව තමන්ට අවශ්‍ය දේ පළ කිරීමට කටයුතු කරමින් සිටිනවා.

මෙම සියලූ සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවා ද නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද කියා සාකච්ඡාවක් ඇති කළ යුතුයි. බොහෝ විට යුරෝපයේ තිබෙනන නීතියට සියලු දෙනා එකඟතාවය පළ කරාවි . දැන් ලෝකයේ තිබෙන පත්තර සහ journal එහි හිමිකරුවන් විසින් විකුණමින් හෝ එය නැවත ආයෝජන කරුවන්ට භාරදීමට සූදානම් වෙමින් තිබෙනවා. මාධ්‍ය කලාවේ ඉදිරි ක්‍රියාදාමය එළැඹෙන වසර දෙක තුන තුළ අපට දැකගන්නට පුළුවන්. එහි ප්‍රවීණයන් නිව්යෝර්ක්වලින් පමණක් නොව ශ්‍රී ලංකාවෙන් ද බිහිවිය හැකියි.”

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත්. සී. දොළවත්ත, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් කර්තෘවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan