ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ පුරෝකථනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ සංශෝධනාත්මක පැහැදිලි කිරීමක් කරන ලද අතර, වර්තමානයේ  රට තුළ උද්ධමනය අඩු වී යම් ප්‍රගතියක් ලබා ඇති බවත්, සංචාරක ආදායම ද ඉහළ ගොස් ඇති බවද සඳහන් කළේය.

මේ අනුව මහ බැංකුව  අපේක්ෂා කරන්නේ ආර්ථිකය 2024 දී 1.7%, ක ප්‍රසාරණයක් වන නමුත්, එය කලින්  සිටි තත්වයට වඩා 1% ට වඩා ඉහළ යාමක් බවයි.

මෙම වසරේ ආර්ථිකය 3.8% කින් පහල  යාමට ඉඩ ඇති බවත්, එය කලින් පැවසූ  4.2%  ප්‍රමාණයට වඩා අඩු බවත් මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවේ පසුගිය මාස හය තුළ පැවති උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 1.3% දක්වා   පහත වැටී ඇති අතර, එහි මුල්‍ය අගය 12% කින් පමණ ඉහළ ගොස් ඇති අතර විදේශ විනිමය සංචිත වැඩි දියුණු වී ඇත.

ප්‍රේෂණ ඉහළ යාමෙන් ද ප්‍රතිලාභ ලැබී ඇති  නමුත්,  ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම තවමත් සැලකිය යුතු අවිනිශ්චිතතාවයකින් වැසී ගොස් ඇති අතර එය අවාසි  සහ අවදානම් තත්වයක පවතින බවද ලෝක බැංකුව සඳහන් කළේය.

ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් මාධ්‍ය හමුවකදී පැවසුවේ  ” රටෙහි ඉදිරිය රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ එහි ප්‍රගතිය මෙන්ම වර්ධනය වැඩි දියුණු කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මතයි” යනුවෙනි.

ශ්‍රී ලංකාව මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක මුදල් වාරිකයක් ලබාගැනීමට ගිවිසුමක් ඇති කර ගත් නමුත් රාජ්‍ය ආදායමේ ඇති විය හැකි හිඟයක් හේතුවෙන්  එහි ලැබිය යුතු දෙවන වාරිකය ප්‍රමාද විය හැකිය.

ලෝක බැංකුවට ප්‍රතිවිරුද්ධව, ශ්‍රී ලංකාවේ මහ බැංකුව මේ වසරේ  2%  ක අවපාතයක් සහ 2024 දී 3.3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

ආර්ථිකය 2022 දී 7.8% කින් හැකිලී ගිය අතර සමස්තයක් වශයෙන් දකුණු ආසියාව සඳහා,  ණය ලබා දීමේදී 5.8% ක වර්ධනයක් අපේක්ෂා කරයි, එයට ඉන්දියාව මුලික වූ අතර එය 2023/24 මූල්‍ය වර්ෂයේ 6.3% දක්වා ප්‍රසාරණය වූ නමුත් කලාපීය වර්ධනය තවමත් එහි කොවිඩ් වසංගතයට පෙර තිබූ ආර්ථික වර්ධන වේගයට වඩා මන්දගාමී බව එය වැඩිදුරටත් පැවසීය.

දකුණු ආසියාවේ ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ  “දකුණු ආසියාව යම් ප්‍රගතියක් ලබමින් සිටින අතර, කලාපයේ බොහෝ රටවල්  තුළ ඉහළ ආදායම් සීමාවන් කරා ළඟා වීමට තරම් වේගයෙන් වර්ධනය වී නැත” යනුවෙනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...