තීනියාවල හිමිගේ නඩුව විසිවෙයි – අජිත් නිවාඩ් කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස්

Date:

කොළඹ LNW: පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව ගොණු කර තිබුණු නඩුව නිෂ්ප්‍රභා කරමින් ඔවුන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් අමෙරිකානු ජාතිකයෙකුට ලබාදුන් බව කියන සිද්ධියකට අදාළවයි පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් එම නඩුව පවරා තිබුණේ.

එම නඩුකරය පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නියෝගය නිකුත්කරමිනුයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේමහතා උක්ත තීන්දුව ලබා දුන්නේ..

චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවට වන විරෝධතාවය හා පැමිණිලිකරු විසින් චූදිතයින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව පිළිබඳව කරුණු සැඟවීම යන වාර්තාව පිළිගනිමින් පැමිණිල්ල නිෂ්ප්‍රභා කරන බව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...