ජනපති අනුර ගැන සොල්හයිම් දුන් සහතිකය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ (LNW):

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාව සහාය ලබාදිය යුතු බව , තම එක්ස් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා හිටපු දේශපාලනඥයෙකු වන එරික් සෝල්හයිම් මහතා සඳහන් කර ඇත.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇත්තේ සති දෙකක පමණ කාලයක් පමණක් බවත්, එහෙත් ජනාධිපතිවරයා එම කාලය හොදින් භාවිත කර ඇති බව එක්ස් පණිවුඩයේ සෝල්හයිම් මහතා සඳහන් කර ඇත.

ප්‍රථමයෙන් ජනාධිපතිවරයා තම රාජ්‍ය තාන්ත්‍රික භාවය මනාව පිළිබිඹු කරමින් ඉන්දීය , චීන ,රුසියා ඇතුළු රටවල් රැසක තානාපතිවරුන් මුණ ගැසුණු බවත් , ඒ හරහා අනුර කුමාර දිසානායක මහතාගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්  පැහැදිලි සංඥාවක් ලබාදී ඇති බවද එරික් සෝල්හයිම් මහතා එක්ස් පණිවුඩයේ සඳහන් කර ඇත.

තවද, ආගමික නායකයන්ගේ ආශිර්වාද ලබාගනිමින් සියළු වාර්ගික ප්‍රජාවන් සඳහා ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන ආකාරය පිළිබිඹු කර ඇති බවද එහි සඳහන් කර ඇත.

අධ්‍යාපනය සෞඛ්‍ය හා දුප්පතුන්ගේ තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය සම්පත් ගෙන ඒමට හා සමෘද්ධිමත් ලංකාවක් බිහිකළ හැක්කේ ව්‍යාපාර සමඟ සමීපව කටයුතු කිරීමෙන් පමණක් වන බව ව්‍යාපාරික ප්‍රජාවට ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවද ඒ මහතා පවසා ඇත.

ජනාධිපතිවරයා රාජ්‍ය බලයට දූෂිත නොවන හරයක් එක්කර ඇති බවද එහි සඳහන් වේ.

එමෙන්ම දේශපාලනඥයින්ට ලබා දෙන දීමනා පහළ දැමීම හරහා නායකයෙකුට අවශ්‍ය නිහතමානී ජීවන රටාව පෙන්නුම් කර ඇති බවද එක්ස් පණිවුඩයේ සටහන් කර තිබෙන අතර , ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය හරහා ඔහු හොද ආරම්භයක් ගෙන ඇති අතර සාමකාමී බහුවාර්ගික හරිත හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අවශ්‍ය සහාය ලබාදිය යුතු බවට එම එක්ස් පණිවුඩයේ සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...