ශ්‍රී ලංකා කණ්ඩායම මතට කඩා වැටුණු වැස්ස…? සෙස්ස පස්සට

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 05, කොළඹ LNW:

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරගය නිමාවට පත් වුණේ විසඳුමක් නැතුවයි.කොළඹට වට වර්ෂාව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවත්වන්නට නියමිතව තිබුණ තරගයේ එක් පන්දුවක් හෝ යැවීමට ඉඩ තැබුවේ නැහැ.
මේ තත්ත්වයේ බරපතලකම ඉදිරියට වඩාත් දැනෙන්නේ ශ්‍රී ලංකාවටයි.ඒ පළමු තරගය පරාජය වී සිටින නිසයි.අත හැර දැමුණු අත හැරුණු අවස්ථාවන් හී වාසිදායක තත්ත්වය නැවත අත් පත් කර ගැනීම අපහසු සහ දුෂ්කර කාර්යයක් වන බැවින් ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ මුහුණ දීමට නියමිත ඉදරි තරගවලදී වර්ෂාවෙන්ද බේරී සිටිය යුතු වෙනවා.


මෙහිදී නොපැවත්වුණ තරගයට පෙර ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් පැවසූ වැදගත් කතාවක් ද සිහියට ගත යුතු වෙනවා.උඩ පන්දු අත හැරීම නිසා තරගයක යම් කණ්ඩායමක් ඉහළ ලකුණු ප්‍රමාණයක් වාර්තා කරනවානම්,උඩ පන්දු අත හැරිම නිසා ලැබුණු එම ලකුණු ගණන හඹා යාමටත් හැකියාව තිබිය යුතු බව ඇය එම අදහස් දැක්වීමේදී ඒත්තු ගන්වා සිටියා.


එහෙත් දැන් තරග දෙකක් නිමා වි අවසානයේ ශ්‍රී ලංකාව සිටින්නේ පස්වන තැනයි.ඉදිරියට ඒමට පරාජය නොවී සිටීම මෙන්ම වර්ෂාව විසින් අත හැර නොදමන තරග ක්‍රියාත්මකවීම ද වැදගත් වෙනවා.එහෙත් මේ මොහොතේ ඇති කර ගත යුතු සුබවාදී අදහස තුළ නිග්මනව තරගය වර්ෂාවට දිය නොවී පරාජය වූවානම් වර්ෂාව නිසා අත් වූ එක ලකුණ ද නැතිව යනවා යන්න කල්පනාවට ගෙන වැටුණු වැස්ස ධනාත්මකව ආශිර්වාදයක් ලෙස පිළිගෙන ඉතිරි තරග අන්වාර්යෙන් ජය ගැනීමට සූදානම් වීම වැදගත් වෙනවා.


මේ වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මුහුණ දෙන ඉදිරි තරග පහෙන් හතරක්ම ශ්‍රී ලංකාවේ පැවත්වීමත් මෙහිදී අවධානයට ගත යුතු වෙනවා.ඒ තත්ත්වය මත සෙසු කණ්ඩායම් මේ තරගාවලියේ කුමනාතාරයෙන් ක්‍රියාත්මක වෙන්නේද යන්නත් ශ්‍රී ලංකාවේ ඉරණමට වැදගත් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...