කැස්ස සිරප් භාවිතය හේතුවෙන් ඉන්දියාවේ ළමුන් නව දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැස්ස සිරප් භාවිතය හේතුවෙන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් සහ රාජස්ථාන් ප්‍රාන්තවල දරුවන් නව දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වලදී ෆෙඩරල් සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය දකුණු තමිල්නාඩු ප්‍රාන්තයේ ශ්‍රේසන් ෆාමා විසින් නිෂ්පාදනය කරන ලද කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් සාම්පලවල අවසර ලත් සීමාවන් ඉක්මවා ඩයිඑතිලීන් ග්ලයිකෝල් (diethylene glycol (DEG) අඩංගු බව සොයා ගැනිණි.

DEG යනු කාර්මික ද්‍රාවකවල භාවිතා කරන විෂ සහිත ද්‍රව්‍යයක් වන අතර එය කුඩා ප්‍රමාණවලින් පවා ශරීරගත වුවහොත් මාරාන්තික විය හැකි අතර මෙම සොයාගැනීමත් සමඟ ප්‍රාන්ත කිහිපයක මෙම සිරප් අලෙවිය තහනම් කර ඇත.

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද කැස්ස සිරප් හේතුවෙන් 2022 දී ගැම්බියාවේ ළමුන් 70 කට වැඩි පිරිසකගේ මරණය ඇතුළුව ලොව පුරා ඒවායේ පරිභෝජනයට සම්බන්ධ මරණ වාර්තා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...