වෙනත් ක්‍රීඩාවලින් ලෙඩ වෙන” ජොනී”

Date:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ජොනී බෙයාර්ස්ටෝ මේ වන විට පාදයේ ආබාධයකට ලක්ව මේ වසරේම ක්‍රිකට් ක්‍රීඩාව අහිමි කරගෙන ඇත.ඒ ක්‍රිකට් ගසන්නට ගොස් සිඳු වූ ආබාධයකින් නොවේය. ගෝල්ගසන්නට ගොස් සිඳු කරගත් ආබාධයකින්ය.ඊට පෙරද ඔහු පාපන්දු ක්‍රීඩා කරන්නට ගොස් ආබාධයකට ලක් වි ඇත.ඒ නිස ඔහුට 2018 දී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක් අහිමි විය.

යෝක්ෂයර් හි පන්නල් ගොල්ෆ් ක්ලබ් හී ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටින අතරතුර බෑවුමකින් ලිස්සා ගිය ජොනීගේ පාදයට යම් මට්ටමක දරුණු අනතුරක් සිඳු වි ඇත.එම අනතුර නිසා ඇති වූ වේදනාව සමනය කර ගැනීම වේදනා නාශක නොමැතිව නොහැකි වූ බව පවසන බෙයාර්ස්ටෝට මෙම අනතුර නිසා සිය වම් පාදයේ වළලුකර ප්‍රදේශයේ අස්ථි බදීමකට මුහුණ දෙන්න සිඳු වි ඇත.

ලිස්සා යාමේදී ඔහු පවසන්නේ සිය සිරුරේ මුළු බර වම් පාදය මත පැටවුණ බවය.ඒ නිසා සිඳු වූ බර දැරීමේ දී ඔහුගේ පාදයේ අස්ථි බිදි ගොස් ඇත. දැන් බෙයාර්ස්ටෝ සිතන්නේ ක්‍රීඩා කිරීමට අවශ්‍යය ඉක්මන් සුවය සඳහා අවශ්‍යය ප්‍රතිකාර ලැබීම සහ ඊට අවශ්‍යය වෛද්‍ය උපදෙස් පිළිපැදීමය.මේ වසරේ හොඳ ක්‍රීඩා වාරයකට මුහුණ දුන් ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 1000 ක් පමණක් ප්‍රතිවාදීන්ගෙන් උඳුරා ගන්නට සමත් වී ඇත.

මේ අනතුර දැඩි වේදනාවක් ගෙන දුන්නත් ජොනී බෙයාර්ස්ටෝ අනතුරෙන් පසුව ප්‍රථිකාර ලබා ගැනීමේ ප්‍රමිතිය ගැන අමතක කර නැත.ඔහු සිය භෞත චිකිත්සකව අමතා විමසා ඇත්තේ වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු විය යුතු ස්ථානයන් පිළිබඳවය.වෘත්තීය ක්‍රීඩකයෙක් ලෙස හැසිරීම පිළිබදව සැළකිල්ලක් නොදැක්වීම නිසා මේ අනතුර සිඳු වූවා විය හැකිය.එසේ නොමැතිනම් අතපසුවීමකින් වූවා වෙන්නට ද හැකිය.නමුත් වැදගත්ම දේ ඔහු ඉනික්බිතිව ගෙන ඇති තීරණයේ ස්වභාවයය.හොඳම වෘත්තීයවේදියාව සොයා ගැනීම සඳහා උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා පිවිස ඇත.එය වෘත්තීය ස්වභාවයේ හැටිය.

කෙසේ වුව දැන් තත්ත්වය ඔහුට මේ වසරම අහිමි වීමය.සමහර විට ඒ කාලය ඇතුළත ඔහුට කණ්ඩායම තුළ නොසිතූ අභියෝගයන්ද නිර්මාණය විය හැකිය.ඒ ජාතික කණ්ඩායමට ඇතුළත් වන්නේ හොඳම දක්ෂයන් වන බැවිනි.එහෙත් ජොනී බෙයාර්ස්ටෝගේ පිත්තේ හැඩ බලන්නට බලා සිටි ලෝක කුසලාන තරගාවලියේ සහ එංගලන්ත – ඕස්ට්‍රේලියා එකදින තරගාවලියේත්,එංගලන්ත – පකිස්තාන ටෙස්ට් තරගාවලියේත් ප්‍රෙක්ෂඛයන්ට අසාධාරණයක් සිඳු වි ඇත.ඒ බෙයාර්ස්ටෝ එම තරගාවලි පුරාම සිය ආලින්දයේ රූපවාහිනි තිරයෙන් ක්‍රිකට් නරඹන ප්‍රෙක්ෂකයෙකු පමණක් වී ඇති නිසාය.ක්‍රීඩකයෙක්ට එවැනි ප්‍රෙක්ෂකයෙක් වෙන්නට වීම ක්‍රීඩකයාට පමණක් නොව එවැනි දක්ෂයෙක්ගේ හැකියාව විඳින්නට බලා සිටින ප්‍රෙක්ෂකයන්ට ද අසාධාරණයකි.
ඒ නිසා “ජොනි බෙයාර්ස්ටෝ පරිස්සමෙන් ඉක්මණට සුවය ළඟා කරගන්න” යන්න ක්‍රිකට් ප්‍රේමීන්ගේ අයැදුමය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එයාර් ඉන්දියා ගුවන් යානයේ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට! ඡායාරූප සහිතයි! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එයාර් ඉන්දියා ගුවන්...

පොලිස් ස්ථානාධිපතිවරු 34කට ස්ථාන මාරු!

කොළඹ LNW:පොලිස් ස්ථානාධිපතිවරුන් 34කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව...

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ නවතම තත්ත්වය! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අහමදාබාද් ගුවන්තොටුපළ අසල...

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...