*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ආයෝජන සහ සංචාරක කර්මාන්ත ගැටළු විසඳීමට නාමල්ගෙන් යෝජනා  

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආයෝජනය සහ සංචාරක කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කොට
ඒකාබද්ධ තීරණයක් ගැනීමට හැකි වන පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

විදේශ තානාපති කාර්යාල මගින් මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳවද මෙම කමිටුවේදී සාකච්ඡා වූ අතර , මේ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍ය අනෙකුත් සියලු ආයතන අතර සම්බන්ධතාවය ගොඩනගා ගනිමින් මේ සඳහා කටයුතු කිරීම සිදු කළ යුතු බව කමිටුව පෙන්වා දුන්නේය.

 විශේෂයෙන්ම මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එක් වී මෙම අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීම වැදගත් වන බවත් මේ සඳහා මෙම ආයතන අතර ඇති සන්නිවේදන දුර්වලතා මගහරවා ගත යුතු බවත් කාරක සභාවේ අදහස විය.

මේ අනුව ආයෝජනය සහ සංචාරක කර්මාන්තයට අදාළ ගැටුලු පිළිබඳ සාකච්ඡා කොට ඒකාබද්ධ තීරණයක් ගැනීමට හැකි වන පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කිරීමට කාරක සභාවේ සභාපති නාමල් රාජපක්ෂ යෝජනා කළේය. සති දෙකකට වරක් වත් මෙම පත් කරන කමිටුව රැස්වී අවශ්‍ය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වැදගත් වන බවද මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩල අනුමතිය සහිතව කමිටුවක් පත් කිරීමට එකඟතාව :-

එසේම බ්‍රික්ස් රටවල් (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව ,චීනය, දකුණු අප්‍රිකාව) සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩල අනුමතිය සහිතව කමිටුවක් පත් කිරීම පිළිබඳවද ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

මෙහිදී විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ අතර අමාත්‍ය මණ්ඩල අනුමතිය සහිතව පත්කරනු ලබන මෙම අනු කමිටුව මගින් බ්‍රික්ස් රටවල් සමඟ කටයුතු කිරීම ඇතුළු කාරණා සලකා බැලීම සිදු වන බව පෙන්වා දෙන ලදි. මෙහිදී මේ සම්බන්ධයෙන් කාරක සභාවේ අනුමතිය හිමි වීම සිදු විය.

විදෙස් තානාපතිවරුන්ගේ පුරප්පාඩු ඉක්මනින් පිරවීමට උපදෙස් : –

තවද විදෙස් තානාපතිවරුන්ගේ පුරප්පාඩු ඉක්මනින් පිරවීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට මැදිහත් වන ලෙස උපදෙස් ලබාදීමද මෙහිදී සිදු විය.

විශේෂයෙන්ම චීනය ඇතුළු රටවල් කිහිපයකම මේ වන විට තනාපතිවරුන් පත් කිරීම ප්‍රමාද වී පවතින බව මෙහිදී කමිටුව පෙන්වා දුන් අතර ලංකාව සමග සෘජුවම සම්බන්ධවන අනෙකුත් රටවල් සමග ගුණාත්මක සම්බන්ධතාවක් පවත්වාගෙන යාම වැදගත් වන බව කමිටුවේ අදහස විය.

මේ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳ මැදිහත්වන ලෙස කාරක සභාව උපදෙස් ලබාදීම සිදු විය.

මීට අමතරව තානාපති කාර්යාලවල නිලධාරීන් සම්බන්ධයෙන් සහ ඔවුන් පසුගිය වසර 5 තුළ සිදු කරන ලද කටයුතුවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමටද මෙහිදී යෝජනා විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan