IMF ගැන අනුරලා පපුවට ගහගෙන කියපු කිසි දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. කිව්වෙ එකක් කරන්නෙ වෙන එකක් – හර්ෂගෙන් දැඩි චෝදනා

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කණ්ඩායම බලයට ඒමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කිරීම සම්බන්ධයෙන් කී කතා කිසිවක් ඔවුන් ඉටු නොකරන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“ජනාධිපතිගේ කණ්ඩායම කලින් කිව්වා කිසිදවසක IMF එකත් එක්ක යන්නේ නෑ, IMF එකෙන් ගොඩගිය රටක් ලෝකෙ නෑ කියලා. ණය තිරසර කිරීමේ විශ්ලේෂණය, මේක තමයි පාදම, මේකත් වෙනස් කරනවා කිව්වෙ. මේක වෙනස් කරලා ඒ උඩ තියෙන ගිවිසුම වෙනස් කරනවා කිව්වා. මම කියනවා ඒක වෙනස් කරන්න තියා ඒක වෙනස් කරන්න ඉල්ලන්නෙවත් නෑ. අවුරුදු එකහමාරක් තියා දවස් එකහමාරක්වත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ නෑ. මේ ඔක්කොටම එකඟ වෙලා. එන අවුරුද්දේ 15%ක රජයේ ආදායම ලබාගැනීම ඒ විදියටම සිද්ධ වෙනවා. මේකෙන් තේරෙන්නෙ මේ රටේ ජනතාවට IMF එක සම්බන්ධයෙන් මේ පපුවට ගහගෙන කතා කරපු දේවල් එකක්වත් සිද්ධ වෙන්නෙ නෑ. ජනතාවට කිව්වෙ එකක්, කරන්නෙ වෙන එකක්. මම කියනවා පුළුවන් නම් එක දවසක් මේ ණය හිමියන්ට කතා කරන්න නැවතත්. එක සාකච්ඡාවක් කරන්න. කරන්නෙ නෑ !”

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය විසින් ඊයේ (05) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...