*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

ගුරුවරයා අගයන අගමැතිනි හරිනි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ (LNW):

දැනුම ආකල්ප හා කුසලතා සපිරි සිසු දරු පරපුරක් අනාගතයට දායාද කරන ගුරු විදුහල්පතිවරුන් ඇගයීමට ලක්වීම පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි අතර, ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවට සංස්කෘතිය පවරා දෙමින් තමන් ඉටුකරනු මෙහෙවර සඳහා සැබවින්ම තෘප්තිමත් ගුරු භූමිකාවක අවශ්‍යතාවය පවතින බවත් අග්‍රාමාත්‍යවරිය පවසයි.

ඇය වැඩිදුරටත් ඒ පිළිබඳ තැබූ සටහනයි මේ.

2024 ඔක්තෝබර් පස්වැනි දිනට යෙදෙන ලෝක ගුරු දිනය නිමිත්තෙන් දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන “Valuing teachers voices :towards a new social contracts for education “තේමාව කර ගනිමින් පවත්වනු ලබන ගුරු උපහාර උත්සවය වෙනුවෙන් මගේ හෘදයාංගම සුභපැතුම් එක් කරමි.

අනාගත ලෝකය නිර්මාණය කරන ගුරුවරයා අගයමින් සිදුකරන මෙවැනි කටයුතු ප්‍රශංසනීය හා අගය කළයුතු බව කිව යුතුය. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් අප යන මේ ගමනේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන පිරිස අතර ගුරු විදුහල්පතිවරු සුවිශේෂී වේ. ඒ අනාගත ලෝකය නිර්මාණය කිරීමට සජීවී දායකත්වය ලබා දෙන නිමැවුම්කරුවන් වන්නේ ඔවුන් බැවිණි.

දැනුම ආකල්ප හා කුසලතා සපිරි සිසු දරු පරපුරක් අනාගතයට දායාද කරන ගුරු විදුහල්පතිවරුන් ඇගයීමට ලක්වෙනවා, මදි යැයි මට හැඟේ. ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවට සංස්කෘතිය පවරා දෙමින් තමන් ඉටුකරනු මෙහෙවර සඳහා සැබවින්ම තෘප්තිමත් ගුරු භූමිකාවක අවශ්‍යතාවය පවතී.මෙතෙක් ආ ගමන් මඟ දෙස හැරී බැලීමේ දී දෙලක්ෂ පනස්දහසකට ආසන්න ගුරු විදුහල්පතිවරු තම රාජකාරිය ඉටු කිරීමේදී අතෘප්තිකර කොන්දේසි යටතේ සේවය කළ බව අපට රහසක් නොවේ.

අධ්‍යාපනයේ පීඩනය සහ ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබීම හේතුවෙන් ගුරු විදුහල්පතිවරු දැඩි ලෙස පීඩාවට පත් වී තිබේ. ඒ නිසාම ගුරු සේවය හැර යන පිරිස් ඉහළ ගොස් තිබූ අතර දක්ෂ නවකයින් ගුරුසේවයට ඇතුළත් වීමද ශීඝ්‍ර ලෙස පහළ යාමක් දක්නට ලැබුණි.

මෙවැනි කඩා වැටීමක බලපෑමට ලක්වන්නේ සිසු දරුවන් හා සමස්ත අධ්‍යාපන පද්ධතියම බව නොරහසකි. එබැවින් තෘප්තිමත් ගුරුවරයකු ගොඩනැගීම අපගේ ප්‍රමුඛ කාර්යභාරයයි. දිනකට සීමා වූ සැමරුම් උත්සවවලින් ඔබ්බට ගොස් ගුරුවරයාට ලබාදිය හැකි උපරිම ගෞරවය හා උපහාරය වන්නේ අධ්‍යාපන පද්ධතිය ගොඩ නගමින් දැනුමෙන් ආකල්පයෙන් කුසලතාවයෙන් පොහොසත් ගුරු වෘත්තිකයකු බිහි කිරීමත් ගුරුවරයාට ජීවන තත්ත්වය සමාජයේ ඉහළට ඔසවා තැබීමෙනුත් පමණකි.

එබැවින් රටක් ලෙසත් අධ්‍යාපන ඇමතිවරිය ලෙසත් අග්‍රාමාත්‍යවරිය ලෙසත් අපගේ පාලන කාලය තුළ උපරිම කැපවීමෙන් එය ඉටු කරන බව, ලාංකීය ගුරු විදුහල්පතිවරුන්ට ප්‍රතිඥා දෙමි. නැවත වතාවක් ලෝක ගුරු දිනය සමරන ඔක්තෝබර් පස්වන දිනයේදීත් ශ්‍රී ලංකාවේ ගුරු දිනය සමරන ඔක්තෝබර් හයවෙනි දිනත් ලාංකීය ගුරු විදුහල්පතිවරුන්ට අපගේ රජයේ සුභාෂිංශනය පිරිනමමි!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan