අන්තර්ජාල සූදුවේ නිරත වූ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW :

තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විදේශීය ජාතිකයින් අට දෙනෙකු අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී ලෙස ඔට්ටු ඇල්ලීමේ සූදු ක්‍රීඩාවක නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදුවන බවට ලැබුණු තොරතුරක් මත, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් පදනම් කරගනිමින් පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබේ.

එහිදී එම ස්ථානයේ සිටි වයස අවුරුදු 22ත් 51ත් අතර ඉන්දියානු ජාතිකයින් පිරිසක් මෙලෙස නීතියේ රැහීට හසුකරගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී පරිගණක යන්ත්‍ර, ජංගම දුරකථන 39ක් සහ තවත් විවිධ තාක්ෂණික උපාංග රැසක් පොලිස් භාරයට ගෙන තිබේ. මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද ?

මෙය පාඨකයෙකු විසින් පෞද්ගලිකව අසා ඇති ප්‍රශ්නයකට ලබා දෙන...

සෞදි ආරක්ෂාවට තුර්කිය සහ පාකිස්තානයෙන් හමුදා සහාය; යේමනයේ හූතිවරුන්ට එරෙහි මෙහෙයුම් දැඩි වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: යේමනයේ...

සිරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති නිදහස් කරන මෙන් ඉල්ලා දහස් ගන්නක් වීදි බසියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: පාකිස්තානයේ සිරගත...

සිංගප්පූරු ගිය ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු...