ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව 35% සිට 58% දක්වා ඉහළට – අගමැති හරිනි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW :

රජය විසින් ගනු ලැබූ පියවරවල ප්‍රතිඵලයක් ලෙස රට තුළ මූල්‍ය සාක්ෂරතාව 35% සිට 58% දක්වා ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ කොටස් වෙළඳපොළ (CSE) පරිශ්‍රයේදී ඊයේ (05) පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

කොළඹ කොටස් වෙළඳපොළේ 40 වන සංවත්සරය සැමරීම, මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සහ ‘කොටස් වෙළඳපොළ ක්‍රීඩා’ (Stock Market Game) වැඩසටහන දියත් කිරීම යන අරමුණු පෙරදැරිව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් 40 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ සමරු කවරය සහ මුද්දරය ද මෙහිදී එළිදැක්විණි.

කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් බණ්ඩාරනායක, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිස්සාබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...

‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම : FCID ස්ථානාධිපතිට නොතීසි

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත්...

ඔකිනාවා ඛේදවාචකය: ඇමෙරිකානු මැරීන් භටයාගේ අත්අඩංගුවට පත්වීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ජපානයේ ඔකිනාවා හි...