කොළඹ LNW:පැරණි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින විශ්‍රාමිකයන් වෙත ගෙවීමට ඇති හිඟ විශ්‍රාම වැටුප් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙල කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ආරම්භ කර තිබේ.
ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරන ලද දුක්ගැනවිලි කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ප්‍රතිපාදන මත පදනම්ව මෙම ගෙවීම් ක්‍රියාවලිය 2026 අගෝස්තු මාසයේ සිට ආරම්භ කර ඇති අතර ගොවීන් 2,910කට රු. මිලියන 38ක් ගෙව නු ලබයි.
ඒ අනුව 2025 ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් සහ 2026 අප්‍රේල්, මැයි යන මාසවලට අදාළ හිඟ විශ්‍රාම වැටුප් මෙලෙස ගෙවනු ලබන අතර මේ වන විට ගොවීන් 2,910 දෙනෙකු සඳහා රුපියල් මිලියන 38කට ආසන්න මුදලක් ගෙවා අවසන් කර ඇති අතර, ඉදිරියටත් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට නියමිතයි.
1987 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ගොවීන් 871,425 දෙනෙකුට දායකත්වය ලබා දී ඇත.
ඉන් වයස අවුරුදු 60 සම්පූර්ණ කළ ගොවීන් 170,950 දෙනෙකු වෙත දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 3,975ක් හරහා මාසිකව රුපියල් මිලියන 415කට වැඩි මුදලක් විශ්‍රාම වැටුප් ලෙස ගෙවනු ලබයි.


