රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW :
සියලුම ඉන්ධන සමාගම් තම ගිවිසුම්වලට දැඩි ලෙස අනුගත විය යුතු බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ලිඛිත නියෝගයක් නිකුත් කර තිබේ.
අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස එම සමාගම්වලට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා පැවසීය.
මේ අතර, දිවයිනේ දෛනික ඩීසල් අවශ්‍යතාවයෙන් සියයට 80ක් දැනට සපයනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) විසින් බව එම සංස්ථාව සඳහන් කළේය.
එමෙන්ම, රටේ පෙට්‍රල් අවශ්‍යතාවයෙන් සියයට 60ක් ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සපුරාලනු ලබයි.


