රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW :
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06) යළිත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
ඒ, මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඒ මහතා මෙලෙස අධිකරණයට ගෙන එනු ලැබ ඇත්තේ ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශන කටයුතු සදහාය.
අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති මෙම නඩුවේ සිව්වන සැකකරු ලෙස ඔහුගේ නම නම් කර තිබේ.
මෙම නඩු විභාගය හරහා අදාළ මූල්‍ය ගනුදෙනුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.


