කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කර අද (06) පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබේ.
විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේව කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර අවසන් කර පිටව යා හැකි බව එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව ඔහුව නැවත දැඩි ආරක්ෂාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබේ.
දින 100කට අධික කාලයක් ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ නඩුවේ සැකකරුවෙකු සුරේෂ් සලේ නම් කර සිටින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව ඔහුගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එම දෙපාර්තමේන්තුව අවසර ගත් අතර අතර, ඒ අතරවාරයේ තමන්ට අමානුෂික වධහිංසා සිදුවන බව පවසමින් සුරේෂ් සලේ ආහාර වර්ජනය කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අවදානම් සහගත වීම හේතුවෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී.


