රටවල් 30 ක්ම අපිට විරුද්ධයි, දිනන එක ෂුවර් නෑ – අලි සබ්‍රි

Date:

ඇමරිකාව, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් 07 ක අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (06) පැවැත්වීමට නියමිතය.

මේ වනවිට ප්‍රබල රටවල් 30 කට වැඩි ප්‍රමාණයක් එම යෝජනාව සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට එකඟ වී සිටිනවා. මෙම තත්වය මත ජිනීවාහිදී ශ්‍රී ලංකාවට බරපතල අවාසිදායක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

ඊයේ පැවති අන්තර්ජාල සංවාදයකට සහභාගිවෙමින් ජිනීවාහි සිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකාවට යෝජනාව පරාජයට කිරීමට අපහසු වනු ඇති බවයි. බටහිර රටවල් රැසක් යෝජනාවට පක්ෂව කටයුතු කිරීම ඊට හේතුව බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ සහායට සිටි රුසියාව වැනි රටවලට මෙවර ඡන්ද බලය අහිමි වීම, ඉන්දියාව වැනි ප්‍රබල රටවල් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අවදානම් තත්වය තවදුරටත් තීව්‍ර කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...