රටවල් 30 ක්ම අපිට විරුද්ධයි, දිනන එක ෂුවර් නෑ – අලි සබ්‍රි

Date:

ඇමරිකාව, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් 07 ක අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (06) පැවැත්වීමට නියමිතය.

මේ වනවිට ප්‍රබල රටවල් 30 කට වැඩි ප්‍රමාණයක් එම යෝජනාව සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට එකඟ වී සිටිනවා. මෙම තත්වය මත ජිනීවාහිදී ශ්‍රී ලංකාවට බරපතල අවාසිදායක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

ඊයේ පැවති අන්තර්ජාල සංවාදයකට සහභාගිවෙමින් ජිනීවාහි සිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකාවට යෝජනාව පරාජයට කිරීමට අපහසු වනු ඇති බවයි. බටහිර රටවල් රැසක් යෝජනාවට පක්ෂව කටයුතු කිරීම ඊට හේතුව බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ සහායට සිටි රුසියාව වැනි රටවලට මෙවර ඡන්ද බලය අහිමි වීම, ඉන්දියාව වැනි ප්‍රබල රටවල් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අවදානම් තත්වය තවදුරටත් තීව්‍ර කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...