කෙහෙළියගේ බාල බෙහෙත් වංචාව හෙළි කළ වෛද්‍ය චමල් සංජීව රත්මලානෙන් මහමැතිවරණයට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිගි සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගයේ රත්මලාන සංවිධායක ධුරයට පත්කර තිබේ.

සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (06) එම පත්කිරීම සිදුකර ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල ඖෂධ වංචාව ඇතුළු සෞඛ්‍ය සේවයේ බරපතළ වංචා දූෂණ ගණනාවක්ම දිගින් දිගටම අනාවරණය කිරීමට වෛද්‍ය චමල් සංජීව මහතා කටයුතු කර තිබිණි.

වෛද්‍ය චමල් සංජීව මහතා රෝහල් පරිපාලනය, රාජ්‍ය පරිපාලනය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව විද්‍යාපති උපාධි සම්පූර්ණ කර ඇති බව සඳහන්.

එමෙන්ම ඔහු රෝහල් පරිපාලනය පිළිබඳව විශේෂඥ වෛද්‍ය උපාධියද ශ්‍රී ලංකාවේදී සම්පූර්ණ කර ඇත.

වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳව හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ආචාර්ය උපාධිය හිමි අයකු ද වන බවයි වාර්තා වූයේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...

දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!

කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම...

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...