සසංක සහ ධනාල් ඒස් කැපිටල් මුල් ඉණිමෙන් මුලට ගෙනෙන්නට මුල් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 07, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට්,ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය උදෙසා කරන ලබන ඉහළම ආයෝජනයක් හැටියට සැළකිය හැකි අවුරුදු 23 න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයේ දී එස් කැපිටාල් කණ්ඩායමට මුල් ඉණිමේ ජයක් ලබා ගන්නට ඔවුන්ගේ අංක 9 සහ 10 පිතිකරුවන් වන සසංක නිර්මාල් (නොදැවී 106) සහ ධනාල් හේමානන්ද (70) දැක් වූ දස්කම් හේතු විය.

පළමුව පන්දුවට පහර දුන් මුවර්ස් කණ්ඩායම ලකුණු 233 ක් රැස් කරන්නට සමත් විය.ඊට පිළිතුරු දෙන්නට පිටියට පැමිණි ඒස් කැපිටල් කණ්ඩායමේ කඩුුලු 8 ක් ලකුණු 129 ට දැවුණු තැන සිට නවවන කඩුල්ල වෙනුවෙන් සංසක සහ ධනාල් හ් මොහොතට අදාළව විශ්මිත වූ ලකුණු 166 ක සබඳතාවක් ගොඩ නංවන්නට සමත් විය.එ අනුව පළමු ඉණිමේ දී ලකුණු 84 ක වාසියක් ලබා ගැනීමට එස් කැපිටාල් කණ්ඩායම සමත් වූ අතර දෙවන ඉණිමට පන්දුවට පහර දුන් මුවර්ස් කණ්ඩායම නියමිත තරග කාලය නිමා වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 124 ක් ලබා සිටියේය.

විශේෂයෙන්ම සසංක සහ ධනාල්ගේ ඉණිම් වැදගත් වූයේ ඔවුන් හිතුමතේ පහර එල්ල කිරීමට වඩා අංක 9 සහ 10 පිතිකරුවන් දෙදෙනෙකුගෙන් බලාපොරෝතු විය නොහැකි ඉවසීමක් පෙන්වමින් සංයමයකින් යුතුව ලකුණු රැස් කිරීමයි.මුවර්ස ක්‍රීඩකයින් පන්දු යැවීම සඳහා ක්‍රීඩකයින් 10 දෙනෙකුම යොදා ගත්තත් ලකුණු 166 ක් දුර යන තෙක් සසංකාගේ සහ ධනාල්ගේ සබඳතාවයට හානි කරන්නට ඔවුන්ට හැකි වුණේ නැහැ.

ලකුණු පූවරුව – https://bit.ly/47YMAvF

ඒස් කැපිටාල් ජයග්‍රහණය වෙනුවෙන් ශතකයකින් දායක වූ සංසක නිර්මාල් අවසන් තරගයේ වීරයා ලෙස අභිශේක ලැබුවා.තරගාවලියේ වීරයා බවට පත් වුණේ මුවර්ස් ක්‍රීඩා සමාජයේ යසිත් රූපසිංහයි.එම ක්‍රීඩා සමාජයම නියෝජනය කරන රවිශාන් සිල්වා තරගාවලියේ හොඳ පිතිකරු ලෙස නම් කෙරුණා.හොඳස පන්දු යවන්නා ලෙස තරගාවලිය පුරා දැක් වූ දස්කම් සැළකිල්ලට ගෙන ද්‍රවිඩ ක්‍රීඩා සමාජයේ විහස් තෙව්මික නම් කරන්නට යෙදුණා.

ප්‍රධාන ඡායාරූපයේ සිටින්නේ අවසන් තරගයේ විශ්මිත ශතකලාභියා වූ සසංක නිර්මාල් ය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...