ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07:
ප්‍රංශයේ පාසල් පද්ධතිය සඳහා වැඩි මුදල් වෙන් කිරීම, ගුරුවරුන්ගේ හිඟය පියවීම සහ පාසල් ගොඩනැගිලිවල පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරය තවදුරටත් උණුසුම් වී තිබේ.

ඊයේ(06)දිනයේ ශී පැවති විරෝධතාවලට ප්‍රංශය පුරා 250,000කට අධික පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වන අතර ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අනුව පුද්ගලයින් 266,000ක් පමණ විරෝධතාවලට එක්ව ඇති අතර, එයින් 56,000ක් පමණ පැරිස් නුවරදී එක්ව තිබේ. කෙසේ වෙතත්, විරෝධතා සංවිධායකයන් පවසන්නේ සහභාගීත්වය 450,000කට ආසන්න වූ බවයි.

විරෝධතා අතරතුර පැරිස් ඇතුළු නගර කිහිපයකදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිව තිබේ. ඇතැම් ස්ථානවලදී කැරලි මර්දන පොලිසිය කඳුළු ගෑස් භාවිත කරමින් සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් පිරිස් විසුරුවා හැරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

විරෝධතා තීව්‍ර වීමත් සමඟ ප්‍රංශයේ පාසල් විශාල සංඛ්‍යාවක අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ අඟහරුවාදා පාසල් 891ක පන්ති සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අත්හිටුවා තිබූ බවයි. තවත් වාර්තා අනුව පාසල් 900කට වැඩි සංඛ්‍යාවක් අවහිර කිරීමට හෝ වසා දැමීමට සිදුව තිබේ.

මෙම විරෝධතා මුලින්ම පැරිස් ප්‍රදේශයේ පාසලකින් ආරම්භ වී ඇති අතර, පසුව රට පුරා විවිධ නගරවලට පැතිර ගොස් තිබේ. පැරිස්, මාර්සෙයිල්, ලියෝන්, බෝර්දෝ සහ අනෙකුත් නගරවල සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් විරෝධතාවලට එක්ව සිටිති.

විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ ප්‍රංශයේ ඇතැම් පාසල්වල ගොඩනැගිලි හා පන්තිකාමර අබලන් තත්ත්වයක පවතින බවත්, ගුරුවරුන්ගේ හිඟය හේතුවෙන් සිසුන්ට අධ්‍යාපනය ලැබීමේදී ගැටලු මතුව ඇති බවත්ය.

ඊට අමතරව පන්තිකාමරවල අධික සිසුන් සංඛ්‍යාව, ගුරුවරුන් නොපැමිණෙන අවස්ථාවල ප්‍රමාණවත් ආදේශක ගුරුවරුන් නොමැති වීම සහ දිගු පාසල් වේලාවන් ද විරෝධතාකරුවන්ගේ අවධානයට ලක්ව තිබේ.

ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු සිසුන්ගේ ගැටලු පිළිබඳ අවධානය යොමු කළ යුතු බව පවසමින්, ගුරුවරුන්ගේ හිඟය, පාසල් ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සහ පාසල් වේලාවන් ඇතුළු කරුණු සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

කෙසේ නමුත්, විරෝධතා ආරම්භ වූ දින සිට පුද්ගලයන් 6,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයේ(06) දිනයේ පමණක් පුද්ගලයන් 500කට ආසන්න පිරිසක් රඳවාගෙන තිබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Pink October” : ‘Indira Cancer Trust’ සමඟින් කොළඹ නගරය රෝස පැහැ වූ අපූරුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රාත්‍රිය උදාවෙත්ම, කොළඹ...

රුසියාවේ plague පර්යේෂණ සේවිකාවගේ මරණය ගැන ඇමරිකාව ප්‍රශ්න කරයි; රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැඩි තොරතුරු ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: රුසියාවේ සයිබීරියානු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...