හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයකු වූ ප්‍රදීප් කාරියවසම් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, සිරිලිය සවිය සංවිධානයේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.
මෙම විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද අද (07) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.


