වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW :

මාතර මහාධිකරණයේදී පැවැත්වුණු නඩුවකට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව අධි චෝදනා භාර දෙන ලදී.

මෙම නඩුව මුල් වී ඇත්තේ 2023 දෙසැම්බර් 31 වැනි දින වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන පවත්වනු ලබන මෙම නඩුව, මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ මහතා ඉදිරියේ කැඳවා තිබේ.

එහිදී සැකකරුවන් සෑම අයෙකුටම රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කෙරිණි.

එම ඇපකරුවන්ගෙන් දෙදෙනෙක් ළඟම ඥාතීන් විය යුතු බවටද කොන්දේසියක් පනවා ඇති අතර, නඩුව යළිත් නොවැම්බර් 27 වන දින කැඳවීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

2021 ගෝඨාගේ කාබනික පොහොර තහනම: ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකුගේ ඇසින්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...