කොළඹ LNW:අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අංක 11 මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල නියෝග කර තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අධිකරණයේ ගොනුකර තිබෙන නඩුවකට අවස්ථා කිහිපයකදීම අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සිදුවිය.
මේ අතර සිරිලිය ගිණුමේ විමර්ශනයට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
ප්‍රදීප් කාරියවසම් මහතාව අද (07) පෙ.ව.9.50 ට පමණ කොළඹ 08, ලේඩ්රයිව්හි පිහිටි නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විර්මශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයා ලෙසට බැංකුව සතුව පැවති රජයේ මුදල් නිසි ක්‍රමවේදයෙන් බැහැරව රු.10,000,000ක (රුපියල් මිලියන 10) මුදලක් සිරිලිය සවිය සංවිධානය වෙත ලබා දීම තුළින් දූෂණය නැමැති වරද සිදු කීරීමේ චෝදනාව ඔහුට එල්ල වී ඇත.


