රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW :
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රොහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගත් අතර, ඒ, මීට පෙර අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණු හෙයිණි.
ඒ අනුව, කොළඹ අංක 11 මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතාගේ නියෝගයකට අනුකූලව මෙම පියවර ගෙන ඇත.
අදාළ නඩු විභාගය සම්පූර්ණ වන තෙක් හිටපු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මෙම සිදුවීමත් සමඟ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ක්‍රියාත්මක වන බව තහවුරු වී තිබේ.
සබැඳි පුවත්
හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!


