*
Friday, May 9, 2025
spot_img

Latest Posts

ජාත්‍යන්තරයට බොරු කළ නිසයි ජිනීවා පැරදුණේ – ජී.එල්. (VIDEO)

ජාත්‍යන්තරයට දුන් පොරොන්දු කඩකිරීම නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවට එරෙහි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පවසයි.

රටක් ලෙස ආධාර අවශ්‍ය නම්, ජාත්‍යන්තරය සමඟ සුහද සම්බන්ධතාවයක් අවශ්‍ය නම්, ජාත්‍යන්තරයට දෙන පොරොන්දු ඉටු කළ යුතු වන බවයි හෙතෙම සඳහන් කරන්නේ.

”මම මාස දෙකහමාරකට ඉස්සෙල්ලා මේ රටේ විදේශ ඇමැතිවරයා හැටියට, එදා හිටපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගය පරිදි මම ජිනීවා මානව හිමිකම් කවුන්සලයට පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා.අපි ත්‍රස්තවාදී වැලැක්විමේ පනත සංශෝධනය කරනවා,සමස්ත පනත පූර්ණ වගකීම අපි භාජනය කරනවා.එසේ කරන තුරු ත්‍රස්තවාදී පනත අපි පාවිච්චි කරන්නෑ කියන, පොරොන්දුව ප්‍රතිඥාව වගකීමෙන් යුක්තව මේ රටේ විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි අපි ඒ පොරොන්දුව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට දුන්නා.ඊට පස්සේ මොකද්ද උනේ ඒ පොරොන්දුව අපි අමු අමුවේ කඩ කළා පමණක් නොව,ත්‍රස්තවාදයට කිසිසේත් සම්බන්ධ නැති අවස්ථාවක් සම්බන්ධයෙන් අපි ත්‍රස්තවාදී වැලැක්විමේ පනත පාවිච්චි කරා.එකේ ඵල විපාක තමයි අපි අත්විදින්නේ. අපි ජාත්‍යන්තරයට පොරොන්දුවක් දෙනවා නම්.ඒක වගකීමක් ඇතිව දෙන්න ඕන ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන. ඉෂ්ට කරන්න බැරිනම්, ඒ පොරොන්දු දෙන්න හොඳ නෑ.එතකොට අනාගතය පිළිබඳ දෙන්න පුළුවන් පොරොන්දු පිළිබඳව කිසිම විශ්වාසයක් ඇති වන්නේ නෑ .”

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan