*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

හිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයට ගැනීමට අධිකරණයෙන් අවසර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, හිටපු මහබැංකු අධිපතිවරුන් වන ඩබ්.ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මුදල් මණ්ඩලය හා භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල යන පිරිසට එරෙහිව ගොනුකර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SCFR 212/2022 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

එමෙන්ම, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ, කැබිනට් මණ්ඩලය හිටපු මහබැංකු අධිපතිවරුන් වන ඩබ්.ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මුදල් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි, වත්මන් මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වන එස්.එස්.ඩබ්ලිව්. කුමාරසිංහ යන අයට එරෙහිව ගොනුකර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SCFR 195/2022 දරණ පෙත්සම් විභාගයට ගැනීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

ප්‍රශ්නගත කරුණුවලදී මුදල් මණ්ඩලයේ සේවය කළ වත්මන් මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වන ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, සහ ආචාර්ය රානී ජයමහ යන අය මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කරන ලෙස ද අධිකරණය නියෝග කළේය.

මීට අමතරව, අධිකරණය පහත නියෝග ද නිකුත් කළේය.

1. විගණකාධිපතිවරයා විසින් නොවැම්බර් මස 30 වැනි දිනට අදාළව විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එයට පහත සඳහන් දෑ ඇතුළත් විය යුතුය;

a. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 203 ක් ලෙස පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය ගත් තීරණය සහ ඊට සම්බන්ධ සියලු කරුණු.
b. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමේ ප්‍රමාදය සහ ඊට සම්බන්ධ සියලු කරුණු.
c. විදේශ සංචිත භාවිතා කරමින් 2022 ජනවාරි 18 වන දින එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ස්වෛරී බැඳුම්කර පියවීමට අදාළ සියලු කරුණු
d. එකී ගෙවීම් මගින් මහ බැංකුවට සිදුවූ පාඩුව පිළිබඳ විගණනයක්

2. 2022 නොවැම්බර් 30 වැනි දින හෝ ඊට පෙර මහ බැංකුව විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මුදල් මණ්ඩලය, හිටපු මහ බැංකුවේ අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, සහ හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල වෙත ලබාදී ඇති සියලුම සන්නිවේදන සහ නිර්දේශවල පිටපත් ඉදිරිපත් කිරීමට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට නියෝග කළේය.

3. මුදල් නීති පනතේ 64 සහ 68 වගන්ති ප්‍රකාරව, 2022 නොවැම්බර් 30 වැනි දින හෝ ඊට පෙර හිටපු අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වෙත ලබාදී ඇති සියලුම වාර්තාවල පිටපත් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය මුදල් මණ්ඩලයට නියෝග කළේය.

2023 ජනවාරි 9 වැනි දින මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමට නියමිතය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan