*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ජොසුවා නම් අපූරු තාත්තා

ෆිජී දේශය මේ මොහොතේ සිටින්නේ සිය රගර් ක්‍රීඩාවේ උපරිමය දකින තැනය.ඔවුන් මූලික වටයේදී සී කාණ්ඩයට වැටිණ.එහි මේ වන විට ලොව අංක එකට සිටින වේල්සය සිටින්නේය.ලෝක සූරතාවය දිනා ඇති ප්‍රබල රටක් වන ඔස්ට්‍රේලියාව ද සිටින්නේය.ෆිජී රගර් ජීවිතය කරගත් මිනිසුන්ගේ දේශයකි.ඒ නිසාම රගර් හී වික්‍රමාන්විත පෙළහර උදෙසා ඔවුන් ඉහළ වෘත්තිමය වටිනාකමක් සහ තාක්ෂණික පහසුකමක් ඇති ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේම රගර් සිහින සමඟය.

මෙවරත් ඕස්ට්‍රේලියාව සතුව ෆිජී සම්භවය සහිත රගර් ක්‍රිඩක පොකුරක්ම සිටියත්,ෆිජී ක්‍රීඩකයන් ඒ ඉතිහාසය හකුළුවා දමා උපන් රට හැර ගිය ෆිජී ක්‍රීඩකයන් මවුබිම දෙසට හරවමින් සුවිශේෂි පෙළහරක් පාමින් ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඓතිහාසික ජයග්‍රහණයකට හිමිකම් කීවේය.එහිදී ෆිජී වෙනුවෙන් එකම උථ්සාහක දිනුම ලැබූවේ ජොසුවා ටුයිසෝවා ය.


සී කාණ්ඩයේ තවත් තරගයක් ඉතුරුව ඇත.ඒ පෘතුගාලය සමඟය.දැනට ඒ තරගය ඉතුරුව තෙවන තැන සිටින ෆිජී එම ජයග්‍රහණයෙන් පසුව අවසාන කණ්ඩායම් අට අතරට පිවිසෙන්නට නියමිතය.එය ඓතිහාසික මොහොතකි.ඔස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයකට පාර කැපූ ජොසුවා මේ මොහොතේ උපන් රට වෙනුවෙන් සිය පෞද්ගලිකත්වය උපරිමයෙන්ම කැප කළ ක්‍රීඩකයෙක් ලෙස ලෝකයම අවධානයට ලක් වී සිටියි.පියෙකුගේ දරු සෙනෙහස දෙවැනි කොට රට වෙනුවෙන් කැපවීමක් ලෙස කෙනෙකු එය අරුත් ගන්වමින් සිටින්නේය.එහෙත් හදවතේ බරම තැන ඇති පුත්‍ර සෙනෙහසින් ඔහු සිය පුතුව ජාතියක් ආදරය කරන ගරු කරන ශ්‍රේෂ්ඨයෙක් බවට පත් කර ප්‍රිය පිය හැසිරීමක් පෙන්නා දෙමින් ඇත.


ජොසුවා ෆීජී සතුව සිටින ප්‍රබලතම වින්ග් ක්‍රීඩකයෙක්ය.ඔහුගේ සත් හැවිරිදි පුතු ටිටෝ දිගු කාලයක සිට සිටියේ දැඩි අසනීප තත්ත්වයකය.ඒ වේදනාබර අත්දැකීමෙන් ඔහු සදහටම මිදී ඇති බව දැනගන්නා විට ජොසුවා සිටියේ ජෝර්ජියාවට එරෙහිව තීරණාත්මක තරගයකට සිය දායකත්වය අත්‍යවශයය කරන මොහොතකය.ඔහු තරගය තෝරා ගන්නේය.කුසලානය දිනීමට නොහැකි වුව ද මේ තරගාවලියේ දී ෆිජී යා හැකි ඉහළම තැනට යනු දැකීමේ සමස්ත ෆිජී වැසියන්ගේ හීනය සැබෑ කිරීම ඔහු සිය පුතුට දක්වන ඉහළම ගෞරවය බව සිතුවේය.


එම තීරණය නිවැරදිය.තමන් තමන්ගේ ආදරය වෙනුවෙන් කඳුළු හෙලිමට වඩා අද රටේම ආදරය සමඟ ගෞරවය නික්ම ගිය ටිටෝට ලැබෙමින් පවතින්නේය.ජොසුවා මෙන්ම ටිටෝ ද වීරයෙක්ව සැළකුම් ලබන්නේය.


අවමංගල කටයුතු වෙනුවෙන් සූදානම් වන අතරේ ජොසුවාගේ පියා ඉසිකෙලී රටුලෙව් සිය කුඩා ගම්මානයේ ඇති නිවාස 54 ම මේ වන විට ෆිජි ධජයෙන් සැරසී ඇති බව පවසන්නේය.ඒ අවදි කිරීම කරන්නේ ටිටෝගේ නික්ම යාමය.ජොසුවා ගේ කඳුළු වලින් ප්‍රකාශ නොවුණ හාදයාංගම පිතෘ සෙනෙහසය.
ජොසුවා ලෝකයම දන්නේය.සිය බරැති සිරුර වේගයෙන් හසුරුවන ජොසුවා ගැන ද රගර් ලෝලීන් දන්නේය.නමුත් ඔහුට අසනීප සහිත ටිටෝ වැනි පුතෙක් සිටි බව දැන සිටියේ ඉතාම සුළු පිරිසක්ය.අද ජොසුවා වීරයෙක් වූ පිරිස් ටිටෝ වෙනුවෙන්ද යාඥා කරන්නේය.ගෞරව කරන්නේය.රටක සීමාව ඉක්මවා පැන පිය පුතු දෙපල ගැන මේ මොහොතේ ප්‍රංශයට එක් වී සිටින රගර් ලෝකයම සංවේදීව කතා කරමින් ශොක්ය ප්‍රකාශ කරන්නේය.ඒවා ජොසුවා වෙත සමඟ සාකච්ඡාවට ලක් නොවී ෆිජී කණ්ඩායම තුළ රැඳෙන්නේය.


සිය ලෙයින් හැදුණු වැඩුණු දරුවාගේ නික්ම යාම රටේ එතෙිහාසික ජයග්‍රහණය වෙනුවෙන් කැප කරන ජොසුවා කණ්ඩායම් සඟයන්ගෙන් මෙන්ම කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් ඉල්ලූ ඉල්ලීම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිය හදවතේ තුවාලය නොපාරන ලෙසය.ඔහු ජොර්ජියා ජයග්‍රහණයෙන් පසුව ද ඉතාම සාමාන්‍ය ලෙස හැසිරෙමින් ප්‍රෙක්ෂකයන්ට සමරු අත්සන් ලබා දී ඇත.කණ්ඩායමේ කිසිවෙක් ඔහුගේ ඇතුළත දැවෙන සංවේගය ගැන එසේ සතුටින් සමරු පොත් දිගු කරන කිසිවෙකුට පවසා නැත.කණ්ඩායමක්ම මේ වියෝගය තමන්ගේ කරගෙන ඇත.අහිමි වූ ටිටෝ සිය දරුවා කරගෙන ඇත.ජයග්‍රහණයට සඳහා ටිටෝ හේතු පාඨයක් වී ඇත.


අද ජොසුවා ජීවත්වන බා, වෝටුවා ගම පමණක් නොව,ෆීජී දේශයම පමණක් නොව ලෝකයම මේ පියාගේ කැප කිරීම ගැන කතා කරන්නේ පුතා ද වීරත්වයට ශ්‍රේෂ්ඨත්වයට පත් කරමින්ය.ඇත්තටම ජොසුවාගේ පවුලම ටිටෝ විසින් වීරයෝ කර ඇත.එතරම්ම ගෞරවණීය විදිහට හත් හැවිරිදි වියේ දී රටේම ගෞරවය දිනන පුරවැසියෙක් බවට ටිටෝව පත් කරපු ජොසුවා අපූරු තාත්තා කෙනෙක්ය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan