ජනතාව ආර්ථික දැඩි ආර්ථික පීඩනයෙන් බැට කනවා – පාඨලී චම්පික

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා රැස්විය. එහිදී තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පවසන්නේ ,
ශ්‍රී ලංකාවේ ජනගහණය වන දෙකෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසෙන් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසක් අවදානම් ආර්ථික මට්ටමක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන බවයි.

තවද, ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනකුගෙන් 6 දෙනකුම ආර්ථික අවදානම් කලාපයේ පසුවන බවත්, ජනතාව ආර්ථික අවදානම් කලාපයට ඇතුළත්වීම ප්‍රතිශතයක් ලෙස සියයට 55.7 ක් බවත් එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත.

ග්‍රාමීය ප්‍රදේශවල මෙය සියයට 82 ක් තරම් ඉහළ තත්වයක් බව පවසන එම කමිටුව පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය බවද සඳහන් කල අතර, පුත්තලමේ අවදානමට ලක් වූවන්ගේ ප්‍රතිශතය සියයට 71.8 ක් බව සඳහන් කර ඇත..

තව දුරටත් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසන්නේ, ශ්‍රී ලංකාවේ මේ තත්වය වර්ධනය වී ඇත්තේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, 2020 කොවිඩ් 19 වසංගතය, 2022 අප්‍රේල් මාසයේ ඇති වූ ආර්ථික අර්බුදය, අයවැය හිඟය, ගෙවුම් ශේෂ අර්බුදය, ණය බැඳියාව සමගම 2022 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ 7.8 දක්වා ගමන් කිරීම හේතුවෙන් බව එම වාර්තාවේ දැක්වෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...