ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර

පලස්තීනයේ හමස් සටන්කාමීන් විසින් අද(07 ) උදැසන ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට එල්ල කරන ලද රොකට් 5000ක පමණ ප්‍රහාරාවලියක් හේතුවෙන් ටෙල් අවිව් ප්‍රදේශයේ ගින්න පිලිබඳ අනතුරු ඇඟවීමේ සයිරන් හඬ ඇසුණු බවත් ගාසා තීරයේ ස්ථාන කිහිපයකින් රොකට් ප්‍රහාරය ආරම්භ වී පැය භාගයකට ආසන්න කාලයක් පැවති බව Agence France-Presse ප්‍රවෘත්ති ඒජන්සිය මෙන්ම ඊශ්‍රායලයේ Magen David Adom ගලවා ගැනීමේ ඒජන්සිය සඳහන් කර තිබේ.

ඊශ්‍රායල සිවිල් වැසියන් සහ සොල්දාදුවන් කිහිප දෙනෙකුට මරු කැඳවමින් මායිම් නගරයක් වන Sderot හි තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇති බව තහවුරු නොකළ වාර්තාවන් සඳහන් කරන අතර නිවේදනයක් නිකුත් කරමින් ගාසා තීරයේ හමාස් හමුදාපති මොහොමඩ් ඩීෆ් නිවේදනය කළේ, ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලි පරිශ්‍රය මුදාගැනීමේ නව මෙහෙයුමක් ආරම්භ කරන බවයි.

ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ප්‍රකාශ කළේ ඉදිරි පැය කිහිපය තුළ ඔහු ඉහළ ආරක්ෂක නිලධාරීන් හමුවී තීරණයන් ගැනීමට නියමිත වන බවයි.

ඊශ්‍රායලයේ හමුදාව තවමත් අදහස් ප්‍රකාශ කර නොමැති අතර එහි හමුදාවන් සාමාන්‍යයෙන් රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. මේ වසරේ මේ දක්වා ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීනුවන් 200 ක් පමණ මරා දමා ඇති අතර පලස්තීන ප්‍රහාරවලින් ඊශ්‍රායල් වැසියන් 30 දෙනෙකු පමණ මිය ගොස් ඇත.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...