මධ්‍යම ආසියානු වොලිබෝල් සූරතාවලිය 09 වන දා සිට 15 දා දක්වා ශ්‍රී ලංකාවේදී

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, උස්බෙකිස්ථානය, නේපාලය, සෞදි අරාබිය, ඇෆ්ගනිස්තානය සහභාගි වන මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන ( පිරිමි ) 2023 වොලිබෝල් තරගාවලියේ සමාරම්භක උත්සවය 2023.10.09 දින ප.ව. 2.00 ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සඳහා සහභාගිවන්නේ ඇෆ්ගනිස්තානය සහ උස්බෙකිස්තාන කණ්ඩායම්ය.ඒපෙරවරු 10.00 ට ය.අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීමෙන් පසුව ඔහු ඉදිරියේ ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සවුදි අරාබි කණ්ඩායමය.තරගාවලිය 15 වැනිදා නිමාවට පත්වන අතර ඡායාරූපයෙන් දැක්වෙන්නේ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමය.


පසුපෙල වමේ සිට
මලීෂ රවිශාන්, ෂෙහාන් විමුක්ති, මහේල ඉන්දීවර, තරිදු ලක්මාල්, සනුක මධුභාෂන, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, තරුෂ චමත්, ඒ ශ්‍රී පරත්, ෂෙහාන් ලක්ෂිත, රුචිර සම්පත්, මනෝජ් සුරංග

අසුන්ගෙන වමේ සිට
ලසිදු මෙත්මාල්, නිෂාන් ඉන්දික මහතා – සහාය පුහුණුකරු , චන්න ජයසේකර – ප්‍රධාන පුහුණුකරු, ටී.ඩී.එස් ද සිල්වා මහතා – කළමණාකරු , සුසිරි මංගල – අභ්‍යාසක, දීප්ති රෝමේෂ්

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...