විදෙස් ප්‍රේෂණ වල වැඩි වීමක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදේශ ගත ශ්‍රි ලාංකිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ දිවයිනට එවූ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර, මෙම වසරේ ගත වූ මුල් මාස 8 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3863 ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2023 වසරේ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් පෙර වර්ෂය හා සැසඳීමේදී 74.4%න් ඉහළ ගොස් ඇති අතර , පසුගිය වසරේ මුල් මාස 8 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 2215 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් එවා ඇති බව සඳහන් වේ.

මේ වසරේ අගෝස්තු මාසයේදී පමණක් ශ්‍රමිකයින් දිවයිනට එවූ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 499ක් වන අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 325ක ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට එවා ඇති බවද වාර්තා වේ.

ඒ අනුව එම මාස 2 සැසදීමේදී විදෙස් ප්‍රේෂණ ලැබීම් 53.4% කින් ඉහළ යාමක් පෙන්නුම් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...