*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

අන්තර්ජාල ආරක්ෂණ පනත ගැන සාකච්ඡාක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (06) පස්වරුවේ සිවිල් සමාජ, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමඟ මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා ඇත.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමකින් තොරව බව සාකඡාවට සහභාගී වූවන් අමාත්‍යවරයාට පෙන්වා දී ඇති අතර, එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් වන අතර දේශපාලන අධිකාරිය විසින් පත් කරන ලද ස්වාධීන නොවන කොමිෂන් සභාවක් විසින් නියාමන කටයුතු සිදු කරනු ඇති බවද ඔවුහු පෙන්වා දී ඇත

අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසුවේ, මෙම පනත 2016 දී ආරම්භ වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවත්, නීති කොමිෂන් සභාව එය අධිකරණ අමාත්‍යවරුන් දෙදෙනෙකු යටතේ සකස් කර ඇති බවත්ය. එම කෙටුම්පත සභාවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් තමාට පැවරී ඇති බවත් එය තමන් විසින් සිදු කර ඇති බවත් ඔහු පැවසීය.

එහි එක් අරමුණක් වන්නේ ළමුන්ට සහ කාන්තාවන්ට අන්තර්ජාලය හරහා සිදුවන හිරිහැර අවම කිරීම බව අලස් මහතා පැවසූ අතර , මෙම හමුවේදී එක්රැස් වූ අදහස් සහ යෝජනා සලකා බලන අතර ආසියානු අන්තර්ජාල සන්ධානය, නීතිඥ සංගමය, කොළඹ පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, සිවිල් සහ මාධ්‍ය සංවිධාන සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, මාධ්‍ය නීති සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, FACTUM සහ සමාජ මාධ්‍ය සංවිධානවල නියෝජිතයින් එක්ව සිටියහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan