දෙමාපියන්ගේ තනිකම ඩිමෙන්ෂියාවට අතවනයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට වැඩිහිටියන්ගෙන් 06% ත් 07% ත් අතර ප්‍රතිශතයකට ඩිමෙන්ෂියා රෝගය පවතින බව නව වාර්තාවක් තුළින් හදුනාගෙන ඇති අතර , ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් වැඩි ප්‍රමාණයක් තනිකම හා ඩිමෙන්ෂියාව යන රෝග තත්වයෙන් පෙළීම දිගින් දිගටම වැඩිවෙන බවත් ඒ සදහා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවත් මානසික රෝග වෛද්‍ය මල්ෂා ගුණතිලක පවසයි.

තම දරුවන් රට හැරයෑම තනිකමින් පාළුවෙන් පෙළෙන වැඩිහිටියන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වීමට හේතුවක් බවත් , හික්කඩුව ප්‍රදේශයේ සිදුකරන ලද මෑතකාලීන සමීක්ෂණයක දී හෙළි වී ඇත්තේ, එම ප්‍රදේශයේ වැඩිහිටියන්ගෙන් 48% ක්ම තනිකම යන තත්ත්වයෙන් පසුවන බවත් හෙලිවී ඇත.

වෛද්‍යවරිය අවධාරණය කරන්නේ, ගෝලීය ජනගහණයේ ඩිමෙන්ෂියා රෝගීන් ප්‍රතිශතය හා ශ්‍රී ලාංකීය ඩිමෙන්ෂියා රෝගීන්ගේ ප්‍රතිශතය සමානවීම නිසා රජයේ වගකිවයුතු අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර එම තත්ත්වයන්ට පිළියම් යෙදිය යුතු බවයි.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ජනමාධ්‍ය හමුවක දී වෛද්‍යවරිය පවසා ඇත්තේ, මීට වසර 20කට පමණ පෙර මෙරට තුළ ඩිමෙන්ෂියා රෝග තත්ත්වය පිළිබඳ අවසන් වරට සමීක්ෂණයක් සිදු කර ඇති අතර, මෙම රෝගය පිළිබඳ සමීක්ෂණ පැවැත්වීම අවමවීම හා එම රෝගයෙන් පෙළෙන වැඩිහිටියන් රැක බලාගැනීමේ පහසුකම් අවමවීම ප්‍රධන ගැටලුවක් බවයි.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ,
ශ්‍රී ලාංකීය වැඩිහිටියන් අතර ‘ඩිමෙන්ෂියාව’ වැඩිවීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක්. මෙම රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ අමතක වීමයි. සිතීමේ හැකියාව නැතිවීම, කථාබහ කිරීමේ ගැටලු මතුවීම, වචන සිරවීම, පවසන දේ තේරුම් ගැනීමට නොහැකිවීම, යම් යම් දේවල් සොයාගැනීමට නොහැකිවීම සෙසු රෝග ලක්ෂණයි. මෙම රෝග තත්ත්වය වර්ධනයවීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් විය හැකි නිසා වගකිවයුතු අංශ මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. නිවසේ දී රැකබලාගත නොහැකි එවැනි රෝගීන් රැකබලා ගැනීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.”
යනුවෙනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW: අද (07) රාත්‍රී...

චාමිකගේ තුන් ඉරියව් හපන්කම් නිසා ග්‍රීන්, සූරතාව ගැන කොළ එළියකින් ජය මඟට පිවිසෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රීකට් සංවිධානය කරන...

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි!

ජනපතිගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය...

ආරක්ෂක සේවා කරාතේ ශූරතාවලියේ‍ කාන්තා ශූරතාව ගුවන් හමුදාවට.

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...