රංජන්ගේ නම NPP ගම්පහ ලැයිස්තුවට යෝජනා වුණේ නෑ – මහින්ද ජයසිංහ

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රංජන් රාමනායක මහතාගේ නම යෝජනා නොවූ බව එම පක්ෂයේ ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා පවසයි.

“ඇත්තටම එහෙම යෝජනාවක් අපට ඇවිල්ලා නෑ. මාධ්‍ය ඇතුළේ විවිධ යෝජනා කළාට, මාධ්‍ය ඇතුළේ විවිධ ප්‍රචාර කළාට, ඒවා නාමයෝජනා ලැයිස්තුවලට ඇතුළත් වෙන්නෙ නැහැ. ඇත්තටම අපේ දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තු සකස් කරද්දී එවැනි නමක් හෝ වෙනත් ඔය කියන නම් කිසිවක් සඳහන් වුණේ නෑ. අපේ විශාල කණ්ඩායමකින් තමයි මේ 22 දෙනා තෝරාගෙන තියෙන්නෙ. ඇත්තටම ගත්තොත් හැට හැත්තෑවක කණ්ඩායමක් හිටියා. ඒ අතරට රංජන්ගේ නම හෝ වෙනත් කිසිම නමක් යෝජනා වුණේ නෑ”

මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තු අත්සන් තැබීමෙන් අනතුරුව ඊයේ (07) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේත් වැඩ තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI)...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ස්පාඤ්ඤයේ මධ්‍යම...

Exclusive : රඛිත රාජපක්ෂගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී. රඛිත ෆෝනුත් ඕෆ් කරන් පනී !

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ නිවසට...