සටහන – රුවන් නෙළුගොල්ල
“අස්වැසුම” ප්රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්රමවේදය යටතේ ප්රතිලාභීන් 1,391,830 දෙනෙකු ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
2025.12.15 දිනැති අංක 2497/03 දරන රජයේ ගැසට් නිවේදනයට අනුව, අස්වැසුම ප්රතිලාභ යෝජනා ක්රමය යටතේ මින් ඉදිරියට මුදල් ගෙවීම් සිදු කරනු ලබන්නේ ‘අන්ත දිළිඳු’ සහ ‘දිළිඳු’ යන කාණ්ඩ දෙක සඳහා පමණක් බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
එහිදී තොරතුරු යථාවත් කිරීමෙන් පසු, මාසිකව රුපියල් 17,500ක දීමනාව හිමිවන අන්ත දිළිඳු කාණ්ඩය සඳහා ප්රතිලාභීන් 363,142ක් සහ මාසිකව රුපියල් 10,000ක දීමනාව හිමිවන දිළිඳු කාණ්ඩය සඳහා ප්රතිලාභීන් 628,658ක් ලෙස පළමු නාමලේඛනය යටතේ සමස්තයක් වශයෙන් 991,800ක පිරිසක් සුදුසුකම් ලබා ඇති බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
එමෙන්ම 2026 දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත දෙවන නාමලේඛනය සඳහා පවුල් 740,127ක් පමණක් තෝරා ගැනීමට නියමිත බවත් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ.




