හිටපු ඇමති කෙනෙක් නිල නිවසින් යයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ (LNW):

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අද (8)කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් ඉවත්ව ඇති බව වාර්තා වේ. ඒ, මෙම නිල නිවස සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දීම හේතුවෙනි.

හිටපු අමාත්‍යවරයා පැවසූවේ එම නිල නිවස සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරාදීමට පෙර පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි ද එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින් බවයි.

මෙම නිල නිවද අදාළ පාසලේ වැඩ කටයුතු සඳහා යොදා ගැනීමට අදාල සියලු ලිපි කටයුතු අවසන් කර ඇති අතර, අද දින සිට එම නිල නිවස සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පැවරෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...

පිටරටින් එන මානුෂීය ආධාරවලටත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය...

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?