පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :

දිවයින පුරා පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි බහුලව අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු පළාත්වලට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත විය හැක.

ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත ස්වභාවයක් ද දැකගත හැකි වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු උවදුරු සහ තද සුළං හේතුවෙන් සිදුවන අනතුරු වළකා ගැනීමට ජනතාව කල්පනාකාරී විය යුතුය.

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද සවස් හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි අතර, ගිගුරුම් සහිත අවස්ථාවලදී මුහුද ඉතා රළු වීමේ සහ තද සුළං ඇති වීමේ හැකියාව පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට ඇමෙරිකාව මේ සතියේ තවත් චෝදනා ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: මේ වන...

ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්:පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමටත් අවසර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර යළි සේවයේ පිහිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අධිකරණ සේවා කොමිෂන්...