සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: මේ වන විට ඇමෙරිකානු අත්අඩංගුවේ සිටින හිටපු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ට එරෙහිව එක්සත් ජනපදයේදී තවත් අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.
නව චෝදනා ඔවුන්ගේ පාලන සමයේ වෙනිසියුලාවේ රඳවා සිටි ඇමරිකානු පුරවැසියන්ට සිදුකළ බව කියන වධහිංසා හා අයුතු රඳවා තැබීම් සම්බන්ධයෙන් බව එක්සත් ජනපද නිලධාරීන් සඳහන් කර ඇත.
මදුරෝ සහ ෆ්ලෝරස් 2026 ජනවාරි මාසයේ වෙනිසියුලාවේ කැරකස් නුවරදී එක්සත් ජනපද හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන නිව්යෝර්ක් වෙත රැගෙන ගිය අතර, ඔවුන්ට දැනටමත් මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි සම්බන්ධ චෝදනා එල්ල වී තිබේ. දෙදෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
නව චෝදනා ඔක්තෝබර් 8 වැනිදා වැනි ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කළ හැකි බව වාර්තා වී තිබේ. නව නඩු කටයුතු සඳහා ඇමරිකානුවන් 12කට වැඩි පිරිසක් අයුතු ලෙස රඳවා තබාගෙන සිටීම සහ ඔවුන්ට වධහිංසා සිදුකළ බවට ඇති චෝදනා සම්බන්ධ කර ඇත.
මදුරෝ සහ ෆ්ලෝරස් සම්බන්ධ ප්‍රධාන නඩුවේ නඩු විභාගය 2027 ජුනි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

