රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :
අතුරුගිරිය පොලිසිය විසින් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය දින රාත්‍රියේ පනාගොඩ ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ අනතුරක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. පොලිස් පාර්ශ්වය විසින් අනාවරණය කර ඇති පරිදි, මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ අනතුරට සම්බන්ධ සිදුවීමක් මුල් කරගෙනය.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.

