මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණයේ සුළු වෙනසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණයෙහි පසුගිය මාසය හා සසඳන විට සුළු පසුබෑමක් වාර්තා වී තිබේ.

ඒ අනුව, 2026 වසරේ අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක් ලෙස සටහන් වූ මෙම සංචිත අගය, සැප්තැම්බර් මාසය අවසන් වන විට 1.1%කින් පහළ ගොස් ඇත.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2026 සැප්තැම්බර් මාසය වන විට මෙරට මුළු නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,851ක් දක්වා අඩු වී තිබේ.

කෙසේ වෙතත්, මෙම සමස්ත සංචිත වත්කම් ගණනය කිරීමේදී චීන මහ බැංකුව සමඟ ඇති කරගත් දේශීය මුදල් හුවමාරු පහසුකම හරහා හිමි වූ අරමුදල් ද මීට ඇතුළත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතානායකට විරුද්ධ ව විපක්ෂයෙන් විශ්වාසභංගයක්….

ඔක්තෝබර් 08, කොළඹ LNW : කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට...

මැතිවරණ නීති පිළිබඳ අතුරු වාර්තාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : පළාත් සභා මැතිවරණ...

එක් පවුලකට රු. ලක්ෂ 50ක්: කන්දකැටියේ පවුල් 41කට නව නිවාස ඉදිකිරීමට මුල්ගල්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිට්වා ආපදා තත්ත්වය...