මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ත්‍රස්ත විමර්ශන මධ්‍යස්ථානයක් ලෙස නම් කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස නම් කරමින් නිල ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නව නියෝගය හරහා අදාළ ආයතනයට නීතිමය වශයෙන් විශේෂ බලතල පැවරී ඇති බව සඳහන් වේ.

මේ වන විට මෙම විමර්ශන කාර්යාංශය කොළඹ 05 පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත.

මේ හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නීතිමය රාමුවට යටත්ව අපරාධ විමර්ශන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතානායකට විරුද්ධ ව විපක්ෂයෙන් විශ්වාසභංගයක්….

ඔක්තෝබර් 08, කොළඹ LNW : කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට...

මැතිවරණ නීති පිළිබඳ අතුරු වාර්තාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : පළාත් සභා මැතිවරණ...

එක් පවුලකට රු. ලක්ෂ 50ක්: කන්දකැටියේ පවුල් 41කට නව නිවාස ඉදිකිරීමට මුල්ගල්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිට්වා ආපදා තත්ත්වය...