*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා තරුණයන්ට තවත් පරාජයක්

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 09, (LNW) කොළඹ :

මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අවුරුදු 20 න් පහළ පිරිමි මධ්‍යම ආසියානු වොල්බෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඊයෙ සිය දෙවන පරාජය වාර්තා කළා.ඒ කිර්ගිස්තානයට එරෙහිවයි.තරුණ ක්‍රීඩක නැගිටීමක් තදින් දකින්නට ලැබෙන රටක,අද ජාතික කණ්ඩායම අරක්ගෙන සිටින ඒ තරුණයන්ගෙන් පසුවට සිටින තිරුව වන මේ ක්‍රීඩකයින් මේ ආකාරයට පරාජය වීම හරහා දනවන පණිවිඩය හොඳ එකක් නොවෙයි.අඛණ්ඩව ගලා යුතු හැකියාවන්ගේ සබඳතාවය බිදී යාමක්.

ඇතැම් ප්‍රවීනයන් පුන පුනා ප්‍රකාශ කරමින් සිටි දක්ෂ පුහුණුකරුවෙක් වූ ලලිත් ප්‍රේමලාල් වැන්නෙක් යටතේ මේ ආකාරයට කණ්ඩායම අසාර්ථක වන්නේ පාසල් මට්ටමෙන් ක්‍රීඩාවේ තාක්ෂණික ගුණාංග යම් ආකාරයකට ගිලී හී යන නිසා ද යන්න කල්පනා කළ යුතු වෙනවා.නේපාල පරාජයට වඩා වෙනස් රටාවක් මාල දිවයින කණ්ඩායම ඉදිරියේ පෙන්නුම් කළ ශ්‍රී ලංකා තරුණයින් ඒ වෙනස් රටාවෙන් අභිබවා ගියේ මාල දිවයිනයි.මාල දිවයිනට එරෙහි ජයග්‍රහණයේ දී එය ඔවුන්ට සාපේක්ෂව අප ඉදිරියෙන් සිටීමම පමණක් නොවන ක්‍රීඩා රටාවේ ප්‍රහාරයන් සහ වැළක්වීම්වල යම් වර්ධනයක් දකින්නට ලැබුණත් එය කිර්ගිස්තානය සමඟ පැවති තරගයේ දී අඛණ්ඩව පවත්වාගෙන යන්නට ශ්‍රී ලංකාවට නොහැකි වුණා.

තරගයේ පළමු වටය ලකුණු 25-16 ක් ලෙස ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව දෙවන සහ තෙවන වටවලදී නිවැරදි රිද්මයට පැමිණි කිර්ගිස්තානය නවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සතුව නිවැරදි සැළසුමක් දකින්නට තිබුණේ නැහැ.එහි ප්‍රතිපලය වූයේ කිර්ගිස්තානයට 25-19 ක් සහ 25-20 ක් ලෙස ජය හිමි විමයි.නැවත සිව්වන වටයේ දී ශ්‍රී ලංකාව 25-23 ක් ලෙස ජය ගෙන තරගය පස්වන වටය දක්වා කැඳවා ගෙන යන්නට සමත් වුණත් නැවත එම වටයද ලකුණු 15-09 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වෙනවා.

දුර්වලකමට වඩා ඔවුන්ගේ හැකියාවන් අඛණ්ඩව කළමණාකරණය කර නොගැනීම ක්‍රීඩකයින් පමණක් භාර ගත යුතු වගකීමක්ද? යම් ආකාරයකට ප්‍රතිවාදීන් වෙනස් මුහුණුවරකින් පැමිණිමේදී ඊට සාපේක්ෂව ක්‍රියාත්මක නොවීම ක්‍රීඩකයන්ගේ පමණක් වගකිමක් ද? ඒ සමඟම එසේ වෙනස් විය හැකි දක්ෂතා සහිත ක්‍රීඩකයින් මේ කණ්ඩායමට තෝරා නැද්ද යන කාරණා ද මෙහි තවත් පියවරකින් ඇසෙන්නට ගනියි.

කොහොම නමුත් කියන තරම් දකින දේවල් සුන්දර නැති බව ඒත්තු ගන්න මෙන්ම දහස් ගණනින් ඉලක්කම් පෙන්නා කරන පාසල් මට්ටමේ වොලිබෝල් තරගාවලි සහභාගීත්වයෙන් සංඛ්‍යාත්මකව ඉහළ යන තරමට ගුණාත්මකව ජාතික ක්‍රීඩාව කෙරෙහි කෙතරම් දුරට බල පා ඇද්ද යන්නත් සිතීමට සහ සෙවීමට කාලය එළැඹ තිබෙනවා.
තරගයක දී කෙතරම් දක්ෂයෙකුට වුවත්,දැණුමත් අයෙකුට වුව ත් වැරදිය හැකි තැන නම් ඒ මොහොත කළමණාකාරණය කිරිමට නොදැනීමයි.ක්‍රීඩාවේ පමණක් නොව ජීවිතයේ ජයග්‍රහණ සියල්ලම පාහේ රැදී තිබෙන්නේ මෙම මොහොත කළමණාකරණයට දක්වන හැකියාව මතයි.වෙනත් ජාතික කේෂ්ත්‍රවලදී ප්‍රායෝගික උගත්කම ලෙසට නිර්වචනය වන මේ කාරණය ජාතික ක්‍රීඩාවටත් අදාළයි.

තරගාවලිය යටතේ පැවති නේපාලය සහ මාල දිවයින තඅර තරගයේ දි නේපාලය වට 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.උස්බෙකිස්තානය සහ කිර්ගිස්තානය අතර තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී උස්බෙකිස්තානය වට 3-2 ක් ලෙස තරගයේ ජය තහවුරු කර ගනු ලැබුවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan